විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන විත් එම දුම්වැටි කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද (21) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලක සහContinue Reading

විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ මෙහෙයුම යටතේ ගතවු දිනයේ පුද්ගලයින් 846දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. හෙරොයින්, අයිස්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 10දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රැදවුම් නියෝග ලබා ගෙන ඇත. එමෙන්මContinue Reading

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වූ අතර ඒ හේතුවෙන් මේ දිනවල එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතියි. උඩරට එළවළුවලට සාපේක්ෂව පහතරට එළවළු මිල සැලකිය යුතු ලෙස දෛනිකව ඉහළ යන බවක් දැකගත හැකි බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල දර්ශනයට අනුවContinue Reading

මතභේදාත්මක ඖෂධ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරීක්ෂා කරන ලෙස අදාළ ඉන්දීය සමාගම මෙරට සෞඛ්‍ය බලධාරීන් වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ජාතික ඖෂධ නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඊයේ දිනයේ ලිපියක් යොමු කරමින් “මාන් ෆාමසියුටිකල්ස්” නැමැති ඉන්දීය සමාගම දැනුම් දී ඇතිContinue Reading

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මෙරට ආපදා කටයුතු ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන ලද සහාය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් මහත්මිය පවසයි.  ඊයේ (19)  උදෑසන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් මහත්මියContinue Reading

‘දිට්වා’ ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ අරඹනු ලැබීය. ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබීය. මෙලෙසContinue Reading

දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී ඊයේ (19) අලුයම පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි. වනසතුන් දඩයම් කිරීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක මෙම පුද්ගලයා ගැටී ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් වූ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. දෙහිඅත්තකණ්ඩියContinue Reading

අද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වාත්, බත්තරමුල්ල, පැලවැත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ඊට අමතරවContinue Reading

මීට පෙර පැවති ගංවතුර තත්ත්වයන්වලදී ගංගා ද්‍රෝණි හරහා වැඩි වශයෙන් සාගරයට ගලා එනු ලැබුවේ ප්ලාස්ටික් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය වුවත් මෙවර වැඩිම ප්‍රමාණයක් කාබනික ශාක කොටස්, රෙදි පිළි, ලී වර්ග, වීදුරු, ප්ලාස්ටික් බෝතල් සහ උපකරණ, පොලිතින්, සත්ව කොටස් මෙන්ම විශාල වශයෙන් කැලි කසල ටොන් ගණනාවක් සාගරයට මුසුවීම නිසා සාගර ජලයContinue Reading

ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙඳෙළසැල් 7ක් නායයෑමේ අවදානමක් හේතුවෙන් අද (19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. අදාළ වෙළෙඳසැල් තුළ එක්වරම ඉරිතැලීම් ඇති වී ඇති අතර, මේ හේතුවෙන් වෙළෙඳසැල් වසා දැමීමට පියවර ගෙන ඇත. මෙම අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය විසින් ශබ්ද විකාශනContinue Reading