පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය. මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේContinue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ දෙදින නිල සංචාරයක් සඳහා ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවය. මෙම සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමග ද ද්වීContinue Reading

නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බවය.Continue Reading

දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු ප්‍රමාදයක් සිදුව තිබේ. අද උදෑසන දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත.Continue Reading

අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.Continue Reading

කහවත්ත ප්‍රදේශයෙන් පසුගිය වසරේ පෙබරවාරි මස හමුවූ කිලෝග්‍රෑම් 510 කින් යුත් ‘නිල් ආරනූල් කොරන්ඩම් ස්පිටික’ වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර රටවල් ගණනාවකට ගෙන යෑමෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ. ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසූ මෙම මැණික මේ වන විටContinue Reading

2021 (2022) වර්ෂයේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබාගත හැක. මෙවර පතිඵල නැවත සමීක්ෂණය සඳහා විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 27,012 දෙනෙකු අයදුම් කර තිබේ.Continue Reading

ජනවාර්ගික ගැටලූවට විසඳුම් අපෙක්ෂාවෙන් ජනාධිපතිවරයා හා දෙමළ දේශපාලන පක්ෂ අතර ආරම්භ කෙරුණු සාකච්ඡවලදි ඉදිරිපත් වුණු මුලික ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට ලබාදුන් කාලය අවසන් වු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පැවසීය. ඒ අනුව එම සාකච්ඡ ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කරනු ලබන්නේ තම පාර්ශවය ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනු ලැබු මුලික ඉල්ලීම්Continue Reading

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර අද (18) පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් ඇති විය. එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “හිරේ හිටපු තමුන්නාන්සේව මම තමයි නිදොස් කොට නිදහස් කෙරුවේ. තමුන්නාන්සේට ගරු කිරීමක් විදිහට මම තමයි තමුන්නාන්සේව ෆීල්ඩ් මාෂල් කළේ. ඒContinue Reading

නිදහස් දිනය සැමරීමට වැයවන මිලියන 200ක වියදම අර්ථාන්විත දෙයකට යොදවන්නැයි අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. දැන් රටෙි සමරන්න තරම් ලොකු නිදහසකුත් නැතැයි ද මෙදින රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනංවන ප්‍රකාශනයක් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරනවා විනා මුදල් වියදම් කිරීම විහිළුවට ලක්වන වැඩක් බව කිව දContinue Reading