සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළේය. දළදා වහන්සේට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබේ. ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේය. සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකියාවContinue Reading

කුමන ආර්ථික අර්බුද පැවතිය ද මෙම වසර සඳහා අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අරමුදල් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ, ඖෂධ මිල දී ගැනීම සඳහා බිලියන 30 – 40ත් අතර මුදලක් මේ වසර සඳහා වෙන්කරන බවය.Continue Reading

පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේදී අද (17) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.  වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ, තුවාලකරු බන්ධනාගාර ගතව සිට දැනට සති කිහිපයකට පෙර ඇපContinue Reading

එල්පීඑල් තරඟාවලි ගිවිසුම ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය නොමැතිව පවත්වා ඇති බවත්, ඉදිරියේදී ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ලබන වසරේ එල්පීඑල් ගිවිසුම අලුත් විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශයContinue Reading

QR කෝටා ක්‍රමය නොසලකා හරිමින් ඉන්ධන සැපයූ ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර වහාම අවලංගු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය අනුගමනය නොකරන බවට වාර්තා වී ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ Ceylon Petroleum Storage Terminals LimitedContinue Reading

ප්‍රතිපත්තියක් ලෙස මේ වනවිට මුදල් අච්චු ගැසීම නවතා ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “මේ අවස්ථාවේ දී ණය ලබාගන්න බැහැ. මක්නිසා ද යත් අපි විදේශ ණය ගෙවන්න නොහැකි බවත් ඒ ණය නැවත සකස් කරලා දෙන ලෙසත්Continue Reading

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන්ම විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල එකඟතාවය හිමිව ඇත. මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන්Continue Reading

සමගි ජන බලවේගයට බලය පවතින ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පදවිශ්‍රීපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, මෙම ආචාරධර්ම කඩ කළහොත් මන්ත්‍රීධුරය අහෝසි වන ලෙස කටයුතු කරන බවය. “අපේ සභාවක් තුළ අපේ මන්ත්‍රීවරු සහ අනෙකුත් මන්ත්‍රීවරු වෙනුවෙන් ආචාර්යධර්මContinue Reading

මුදල් ලබාදෙන බව පවසමින් දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බොරැල්ල පොලිස් ස්ථානයට ලැබී තිබූ පැමිණිලි කිහිපයකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (16) පස්වරුවේ අමර්වීදිය ලොන්ඩ්‍රියාවත්තContinue Reading

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණයContinue Reading