අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය පොලිස් වසමේ සිදුකරන ලද මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින්ට තුවාල සිදුකිරීම, නිවෙස්වලට හා දේපළවලට අනර්ථය සිදුකිරීම, යතුරු පැදි සොරකම් සහ මුදල් කොල්ලකෑම යන අපරාධවලට සැකකරුවන් සම්බන්ධ බවට අනාවරණය වී තිබේ. සැකකරුවන් අවුරුදුContinue Reading

කොළඹ වරායට පැමිණි “අසමාරා ක්වෙස්ට්” නමැති සුඛෝපභෝගී මගී නෞකාව අද (04) පස්වරුව දක්වා කොළඹ වරායේ රැඳී සිටීමට නියමිතය. අමෙරිකාවේ සිට ඊයේ (03) පස්වරුවේ පැමිණි එම නෞකාවේ මගීන් 600කට වැඩි පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ. එම පිරිස ලබන සදුඳා හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතය. හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබෙන දෙවනContinue Reading

ආබාධ සහිත පුද්ගලයින් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ හඳුන්වනු ලබන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ලෙස පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය අදට (03) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වනContinue Reading

යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ නිවසක් කොල්ලකා තිබේ. ඒ, කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය, කුරුන්ද පාරේ පිහිටි නිවසයි. අද (03) දහවල් යතුරුපැදිවලින් කඩාවැදුණු සන්නද්ධ කල්ලිය නිවසේ තිබූ ජංගම දුරකථන 2ක් සහ රන් ආභරණ කොල්ලකා පළාගොස් ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි. කොල්ල කල්ලියContinue Reading

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා ඇති යුක්‍රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී තිබේ. ඒ සමග තානාපති කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉතාලිය ඇතුළු රටවල් 6ක යුක්‍රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව විදෙස්Continue Reading

බණ්ඩි පොහොර මෙට්‍රික්ටොන් 40,000 කට අධික ප්‍රමාණයක් රැගත් නෞකාවක් කොළඹ වරායට සේන්දුවී තිබේ. මෙට්‍රික්ටොන් 41,678 ක පොහොර තොගයක් රැගත් අදාළ නෞකාව ඊයේ (02) රාත්‍රියේ කොළඹ වරායට ළඟාවූ අතර එහි පොහොර ගොඩබෑමේ කටයුතු අද (03) පස්වරුවේ ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය. මීට අමතරව ලෝක බැංකු ණය වැඩසටහන යටතේ යූරියා මෙට්‍රික්ටොන්Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාලදිවයින් උප ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කථා බහකින්  අනතුරුව නායකයන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතිනContinue Reading

2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය. පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත්Continue Reading

ප්‍රවීණ ගීත රචකයෙක් මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 81ක් වැනි වියේ පසු වූ  ඒ මහතා ශ්‍රී ලංකේය ගීත ක්ෂේත්‍රයට නිර්මාණ 4,000කට ආසන්න ප්‍රමාණයක් දායාද කර තිබුණි. ශ්‍රීණි විභූෂිත ලංකා, කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද, දුනුකෙයියා මලක් වගේ,Continue Reading

ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ කුඩා දියණිය මේ වනවිට භාරගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බවට තොරතුරු වාර්තා වෙයි. මියගිය කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය උණවටුන ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඊයේ දිනයේ ඇය සිය සිව් හැවිරිදි දියණියContinue Reading