ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC දක්වා පහළ දැමීමට තීරණය කර ඇත. එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවද සඳහන් කර තිබේ.Continue Reading

දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් වකුගඩුවකට රුපියල් කෝටි එකහාමාරක් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගෙන මුදල් නොදී වංචා කර ඒවා ලොකු මිලගණන්වලට දේශීයව සහ විදේශීයව විකුණා ඇතැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (01) කරුණු වාර්තා කළේය. මෙලෙසContinue Reading

ඇෆ්ගනිස්තානයේ ආගමික පාසලක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. උතුරු ඇෆ්ගනිස්තානයේ අයිබක් නගරයේ පිහිටි ආගමික පාසලක සිදුකර ඇති එම ප්‍රහාරයෙන් තවත් 26 දෙනෙක් තුවාල ලබා තිබුණි. මියගොස් ඇති පිරිසෙන් බහුතරය වයස අවුරුදු 9ත් 15ත් අතර ළමුන් ය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්Continue Reading

10 වසරේ අධ්‍යාපනය ලබමින් සිට පාසලෙන් ඉවත් වූ සිසුවෙකු 2021 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට A සාමාර්ථ 9ක් ලබාගෙන විශිෂ්ට අන්දමින් සමත් වූ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. හැටන් විල්ෆ්‍රඩ්පුර ප්‍රදේශයේ පදිංචි උජිත චිත්මාල් ඉරංජින් සිසුවා මෙම සුවිශේෂී දක්ෂතාවය දක්වා ඇත. මෙම සිසුවාගේ මව්පියන් ගුරුවරුන් වන අතර ඔහුContinue Reading

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ විනිසුරුවරුන් මහෙස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහෙස්ත්‍රාත්වරුන් 5‍6දෙනෙකු සදහා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ලබන වසරේ දෙවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය. මේ අතර පරිහරණය සඳහා විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන්ට ලබා දී ඇති මෝටර්රථ සුරක්ෂිතවContinue Reading

බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය නොවැම්බර් මාසයේදී 61% දක්වා පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කරන  උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට මෙරට ඉතිහාසයේ ඉහළ අගය වන  69.8% ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහිදි  94.9% දක්වා ඉහළContinue Reading

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවයෙන් දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් දිනකට නිකුත්  කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව  පැවසීය. මීට පෙර දිනකදී එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1500 ක් පමණ නිකුත් කළ බවත් සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ  සේවය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල්Continue Reading

2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. යෝජිත ඉහළ නැංවීම ගැන විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කිරීමක් සිදුකර ඇත. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ මේ මොහොතේ විදුලි ගාස්තුContinue Reading

හමුදා ස්නයිපර් වෙඩික්කරුවන් භාවිත කරන අවියකට සමාන නවීන පන්නයේ ගිනිඅවියක් නිපදවූ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබූ සොයාගෙන ඇති ගිනිඅවිය අඩි 04ක් පමණ දිගකින් යුක්ත ය. වාද්දුව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයෙකු බවය. සැකකරු වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි  පුද්ගලයෙකු බවත් කලක්Continue Reading

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ  ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර ඇති බවය. හිටපුContinue Reading