ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කළේය. ඒ අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දීය. එමෙන්ම බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් නිල කර ලේන්සුව හා ප්‍රධාන බාලදක්ෂ පදවියට අදාළ පත්වීමේ අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනුContinue Reading

රැකියා සඳහා ඕමානයට ගිය කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියක් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආශා දිසානායක නමැති එම සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම නියෝගය ලබාදී ඇත. Continue Reading

වැම්බර් මස 22 වනදා සිට 25 වනදා දක්වා විදුලි පැය 2ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති. Continue Reading

යුරෝපීය වෙළෙඳපොළ ජයගැනීම සඳහා චීනයේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයින් වැඩි ආරක්ෂාවක් සහිත තාක්ෂණයෙන් පරිපූර්ණ මෝටර් රථ නිර්මාණය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.  පසුගිය මාස කිහිපය තුළදී චීනයේ නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ මාදිලි කිහිපයක් “යුරෝපීය නව මෝටර් රථ තක්සේරු වැඩසටහන” යටතේ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබාගැනීමට සමත්ව තිබේ.  සමහ චීනContinue Reading

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා එම නියෝග ලබා දී තිබේ. ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණය හමුවේContinue Reading

රැකියා සඳහා ඕමානයට ගොස් සිටින කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. එම කාන්තාවගෙන් මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවත් ඔහු පැවසීය. මිනිස් ජාවාරමට සම්බන්ධ නියෝජිතවරයකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.Continue Reading

නාගවිල, ආඩිගම ප්‍රදේශයේ නිවසක දී පුද්ගලයෙකුගේ ගෙලට යකඩ කම්බියකින් ඇන ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (20) සවස අදාළ ඝාතනය සිදුව ඇති බවය. මියගොස් ඇති පුද්ගලයා 36 හැවිරිදි ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු තවත් පිරිසක් සමග සිය නිවසේ මත්පැන් පානය කරමින් සිටිය දී ඇති කරගත් ආරවුලක් දුරගිය යෑමෙන් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුContinue Reading

2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය ලේඛනය දෙවනවර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. අද (21) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභාවාරය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි. ජනාධිපතිවරයා විසින් පසුගිය 14 වැනිදා අයවැය ඉදිරිපත් කළේය. ඒ අනූව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම හෙට (22) පැවැත්වීමට නියමිතය. අනතුරුව කාරක සභා අවස්ථාContinue Reading

කංසා අපනයනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය නිල නියෝගයක් නිකුත් කරන තුරු කංසා වගාවන් වැටලීම් සහ විනාශ කිරිම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පවසයි. කංසා බෝගය අපනයනය සඳහා මෙරට තුළ වගා කිරීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පසුගිය දා ඉදිරිපත් කළ අයවැය මඟින් යෝජනා කර තිබුණි. කෙසේවෙතත් අදාළContinue Reading

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී තිබේ. අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලේකම් ගුණදාස සමරසිංහ මහතා වෙත අදාළ උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව අදාළContinue Reading