අද(14) සිට කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව කුකුල් මස් අලෙවිකරුවනගේ වෙළෙඳ සංගම් ප්‍රකාශ කරයි. ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑම් එකක නව මිල දැක්වෙන්නේ රුපියල් 1,450ක් ලෙසයි.Continue Reading

ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපත සංචාරක කර්මාන්තය සඳහාම නිර්මාණය වූ විනෝදාස්වාද දූපතක් බවට පරිවර්තනය කළ හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. මැකාඔ දූපත මෙන් එය සංචාරක එය ඩොලර්වලින් පමණක් ගනුදෙනු කරනු ලබන තැනක් පමණක් විය යුතු බවත් සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බවත් ඇයContinue Reading

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳව නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික  එකඟතාවකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථාවන් සඳහා සම්බන්ධ වීමට දෙරටෙිම තරුණ තරුණියන්ට අවස්ථාවන් ලබාදෙමින් තරුණ හුවමාරු වැඩසටහනක් (Youth exchange program)Continue Reading

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලි අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්‍රයේ   ඕස්ට්‍රේලියා ආයෝජකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්විණි. ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් මෙහි දී පැවැත්වුනුContinue Reading

අභාවප්‍රාප්ත දෙවෙනි  එලිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13) තීරණය කළේය. මහරැජිණ  වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා සිදු කෙරෙනු ඇත. අභාවප්‍රාප්ත එලිසබෙත් මහ රැජිනට ගෞරව දැක්වීම සඳහා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු විනාඩිContinue Reading

ප්‍රවීණ ගීත පද රචකයෙකු වන ආනන්ද පද්මසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 63 හැවිරිදි වියේ පසුවිය. අද (14) අලුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. රන්ජන් රාමනායක මහතා ගයන අතිශය ජනප්‍රිය ගීතයක් වන රන් සමනල ජෝඩුව වාගේ, ජිප්සීස් කණ්ඩායම ගායනා කළ ඔබ ඉන්නේ කොහෙද කියා, මේරියන්ස්Continue Reading

මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් විසින් එම කාන්තාව පැහැරගෙන යමින් සිටියදී බද්දේගම පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. අදාළ කාන්තාව අද (14) උදෑසන දික්වැල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට සේවයට යමින් සිටියදී පැහැරගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් විසින් පැහැරගත් කාන්තාව මෝටර්Continue Reading

ඉන්ධන කෝටාව අත්හිටුවා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියදුරන් සංවිධාන කළ විරෝධතාවයක් බොරැල්ලේදී අද (14) පැවැත්විණි. විරෝධතාවයට එක්වූ පිරිස බොරැල්ල කැම්බල් පිටිය අසල සිට බොරැල්ල මංසන්ධිය දක්වාත් එතැන් සිට යළි කැම්බල් පිටිය දක්වාත් පා ගමනින් ගොස් එහිදී උද්ඝෝෂණයක ද නිරත වූහ. ‘ඉන්ධන කෝටාව වහා නවතනු’, ‘රෝද තුනේContinue Reading

දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙනවිත් තිබේ. මේ වනවිට ලන්ඩන් හි බකිංහැම් මන්දිරයේ තැන්පත් කර ඇති දේහය අද (14) පස්වරුවේ වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත රැගෙනයාමට නියමිතය. අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය ඊයේ දිනය පුරා එඩිම්බරෝ හි ශාන්ත ජයිල්ස් දෙව්මැදුරේ තැන්පත් කර තිබුණි. දේහය ලන්ඩන් නුවර වෙතContinue Reading

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තනතුරෙන් ඉවත්වී තිබේ. ඒ ඔහුට නව තනතුරක් ලැබීම හේතුවෙනි. මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් විසින් මහේල ජයවර්ධන එම කණ්ඩායමේ “Global Head of Performance” ලෙස පත්කර තිබේ. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් සතු කණ්ඩායම් තුනේම පුහුණු කටයුතු සහContinue Reading