සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන් පැවසිය. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි දේශිය සංචාරකයන් නුවරඑලිය ග්‍රේගරි වැව , අඹේවෙල සත්ව ගොවිපොල , හොර්ටන්තැන්න , කන්දේ ඇළ යන සංචාරක ආකර්ෂණ දිනු ස්ථාන නැරඹිමට පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.Continue Reading

ආනයනික සහල්වල විස රසායනික ද්‍රව්‍ය ඇති බව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය සිදුකළ පරීක්ෂණයකදී තහවුරු වී ඇතැයි සතිඅන්ත පුවත්පත් දෙකක් අද (18) වාර්තා කර තිබුණි. නමුත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ආනයනික සහල්වල විස රසායනික ද්‍රව්‍ය ඇති බවට ඉරිදා ජාතික පුවත්පත් දෙකක් සිදුකර ඇති අනාවරණ සම්පූර්යෙන් අසත්‍ය යැයි පළිබෝධනාශකContinue Reading

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු යුක්‍රේන බලධාරීන් විසින් මුදාගත් බවට පළවූ පුවත් වාර්තාවේ සත්‍යතාව තහවුරු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය යුක්‍රේන රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය මාර්තු මාසයේ යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ දී රුසියානු හමුදා ග්‍රහණයට ගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු තම හමුදා විසින් මුදාගනුContinue Reading

ගොවි ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් රජය ක්‍රමානුකූලව විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අනුරාධපුරයේ දී අද පැවසීය . අනුරාධපුරයේ දෙදින සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වීමෙන් පසුව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. රජය දැනටමත් ගොවීන්ගේ පොහොර ගැටලුවට විසඳුම් ලබාContinue Reading

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වා තිබේ. දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයටද ජනාධිපතිවරයා හෙට දිනයේ සහභාගී වීමට නියමිතව ඇත.Continue Reading

ජිවන වියදම ඉහල යාම , ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමට විරෝධය පාමින් අයිතින් උදෙසා වු කාන්තා සංවිධානය (18) දින දහවල් හැටන් නගරයේදි උද්ඝෝෂණයක නිරත විය. සාගතයේ අරගලය යන මැයෙන් හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට අයිතින් උදෙසා වු කාන්තා සංවිධානයේ කාන්තාවන් පිරිසක් රැස් වෙමින් මෙම උද්ඝෝෂණය සිදු කරනු ලැබුහ.Continue Reading

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ උපදෙස් දී තිබේ. ආචාර්ය සුරේන් බටගොඩ මහතා මේ බව සඳහන් කළේ, පසුගිය දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකදීContinue Reading

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ පවතින ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ‍. අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය, වෙළෙඳ සංගමය, පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග එක්ව එම ගැටලු විසදීමට ගත් පියවර සම්බන්ධයෙන් තමන්ට වාර්තා කරනContinue Reading

ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ දිනකට එක් පාසල් දරුවකුට ග්‍රෑම් 75 ක ආහාර වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ ග්‍රෑම් 75 ක ආහාර බත් වේලක් යනු ඉතා සුළු ප්‍රමාණයක් බවයි. දරුවෙකුට කෑම වේලක් දෙන්නේ නම්Continue Reading

සමගි ජන බලවේගය පිරිසක්ද තමන් සමග සම්බන්ධ වෙයි වනු ඇති බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු බදුල්ලේ දී කියා සිටියේ සමගි ජන බලවේගය ද පිරිසකගේ සහාය ඇතිව නව බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බවයි. “අපි බලනව ඉදිරිකාලයේදී මේ රටට ගැලපෙන මධ්‍යෂ්ථ ප්‍රායෝගික වැඩක් කරන්න පුළුවන් වෘත්තියContinue Reading