නිට්ටඹුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලදී අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසයි. නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තා වන ඝාතනය සිදුව ඇත්තේ අමානුෂික ලෙස පොල්ලකින් පහරදීමෙනි. මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මත්පැන් සාදයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක නිට්ටඹුව එල්ලක්කලContinue Reading

ජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ඊයේ දිනයේ රුපියල් මිලියනය ඉක්මවූ ආදායමක් උපයා ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බවය. මේ අතර ඊයේContinue Reading

සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණුවන, හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් 04 දෙනකුගෙන් 03 දෙනකු සහාය නොදක්වන බව මෑතකදී සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් සංසදය (Westminster Forum for Democracy) ඉකුත් වසරේ සම්පූර්ණ කරන ලද සහ මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද මෙම සමීක්ෂණය, දිවයිනේ දිස්ත්‍රික්කContinue Reading

දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම තරුණයන්ට බලය නොලැබීමට හේතුවී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියලුම පක්ෂ තුළ නායකයින්ට අසීමිත බලයක් හිමිව ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා “ලොකු ස්ලෝගන් එකක්Continue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊට අමතරව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇතිවිය හැකිContinue Reading

මෙරට තිරසාර කාර්මික සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Rene Van Berkel මහතා පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83 ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබාදී ඇති බවය.  ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයContinue Reading

ෂේන් වෝන් ගේ ජීවිත කතාව ගැන ටෙලි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් විරෝධය දක්වයි. මේ වසරේ මාර්තු මාසයේදී තායිලන්තයේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් සිටින අතරතුරදී ඇතිවූ හෘදයාබාධයකින් ෂේන් වෝන් මරණයට පත්විය. එවිට ඔහු 52 හැවිරිදි වියේ පසුවිණි. ඔහුගේ වැඩිමහල් දියණිය පැවසුවේ එම සැලසුම සිය පියාටContinue Reading

පසුගිය ජුලි මස 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.Continue Reading

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා එල්ලවී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ රාත්‍රී කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී පීලිපැනීමට ලක්ව ඇති බවය. මෙහිදී දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වෙයි.Continue Reading

පරිඝණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතරකර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වාදෙන්නේ නැවත දැනුම්දෙනතුරු අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවලContinue Reading