සෞදි අරාබියේදී එතෙක් මෙතෙක් හමු වූ විශාලතම මත්පෙති තොගය අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශය සමත් වී ඇතැයි වාර්තා වේ. රියාද් නුවර වරායකින් ගොඩ බෑ පිටි කන්ටේනරයක් තුළ සඟවා සෞදි අරාබියට ගෙන ආ බව කියන එම මත්පෙති ප්‍රමාණය මිලියන 47ක් වන අතර, එහි වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 1.1ක් බව සීඑන්එන් පුවත්Continue Reading

චීන – ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය සහ Douyin (TikTok) සමාජ මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ වූ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 අගෝස්තු 30 වැනි දින ශ්‍රී ලංකා ජාතික  කුටියක් විවෘත කළේ ය. මහනුවර ඇසළ පෙරහැර, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ ආහාර සම්බන්ධයෙන් තානාපති කාර්යාලය පැවැත්වූ උත්සවය අතරතුර මෙම වැඩසටහනContinue Reading

ඉන්දියාවේ ප්‍රමුඛ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපතිවරයා මාර්ග අනතුරකින් මරණය ට පත්වී තිබේ. සයිරස් මිස්ට්රි සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් මුම්බායි බලා එමින් සිටියදී කොන්ක්‍රීට් බැම්මක එම රථය ගැටී තිබුණි. එම රථයේ සිටි තවත් අයෙක් මරණය ට පත්වී ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ. මියයන විට 54 හැවිරිදි වියේContinue Reading

කැනඩාවේ මධ්‍යම සස්කැච්වන් ප්‍රාන්තයේ සිදුවූ පිහි ඇනුම් කිහිපයකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ, එම සිද්ධියෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවය. පුද්ගලයින් දෙදෙනෙක් විසින් ස්ථාන 13ක දී එම පිහි ඇනුම් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

සඳ වටා ගමන් කරවීමට සැලසුම් කරතිබූ  Artemis 1 රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් කල් තැබීමට සිදුව ඇති බව අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. පසුගිය සඳුදා එය දියත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ හයිඩ්‍රජන් කාන්ඳුවක් සිදුවීමක් හේතුවෙන් එය දියත් කිරීම කල් දැමීමට සිදුවිය. නාසා ආයතනය මෙතෙක් නිෂ්පාදනය කර ඇති ප්‍රබලතම රොකට්ටුව වන එයContinue Reading

ආජන්ටිනාවේ උප ජනාධිපතිනිය cristina kirchner ඝාතනය කිරීමේ උත්සාහයක් ව්‍යර්ථ වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දූෂණ චෝදනාවක නඩු වාරයක් සදහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි උප ජනාධිපතිනියගේ ආධාරකරුවන්ට අතරින් ඉදිරියට පැමිණි තැනැත්තෙක් ඇගේ මුහුණටම ගිනි අවියක් එල්ල කර ඇත. එහිදී ගිනි අවියේ හටගත් දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවී ඇතිContinue Reading

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික හා සමාජීය අභියෝගවලදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ජනතාව සමග අඛණ්ඩව කටයුතු කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සුබ පැතුම් පණිවුඩයක් එවමින් පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතුවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉක්මන් සහ ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයිContinue Reading

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිය රොස්මා මන්සූර්ට ද වසර 10ක සිරදඬුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළේය. ඇයට මේ ඉරණම අත් වූයේ ඩොලර් මිලියන 279ක වටිනාකමකින් යුතු ව්‍යාපෘතියක් දීමට එක්තරා සමාගමකින් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව හේතුවෙනි. අමෙරිකාඩොලර් බිලියන 5.4ක් වංචා කිරීම නිසා පසුගියදා මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් වසර 12කContinue Reading

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායල් ගොර්බචෝව් ‍මිය යයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91කි.  ගෝලීය දේශපාලන විචාරකයන් පවසන්නේ, ඔහුගේ මරණය, යුගයක අවසානය සනිටුහන් කිරීමක් බවයි.  ඉකුත් කාලය පුරා ගොර්බචෝව් රෝගාබාධ රැසකින් පීඩාවට විදි බවත්, ඔහු මියගියේ රෝහල් ගතව සිටියදී බවත්, රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත. සෝවියට් නායකContinue Reading

ජාත්‍යන්තර බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ නවතම දර්ශකයට අනුව ලොව ධනවත්ම පුද්ගලයන් අතර තුන් වැනි ස්ථානය ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ඉන්දීය ජාතික ගෞතම් අදානිට හිමි වී තිබේ. ඊයේ නිකුත් කළ මේ දර්ශකයට අනුව පසුගියදා ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගත් දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකා ජාතික ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වන අතර,Continue Reading