බොරිස් ජොන්සන්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනකු තරග වදිනු ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. වත්මන් පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේකොන්සවර්ටිව් පක්ෂය වන අතර තරගය පැවැත්වෙන්නේ පක්ෂ නායකත්වය වෙනුවෙනි.  හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක්,Continue Reading

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට විදෙස් තානාපතිවරුන් කීප දෙනකු නෙරපා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් නෙරපා දමනු ලැබ ඇත්තේ යුක්රේනයේ ජර්මන්, ඉන්දීය, චෙක්, නෝර්වේ සහ හංගේරියානු තානාපතිවරුන්ය. ජනාධිපති සෙලෙන්ස්කී මෙම තානාපතිවරුන් නෙරපා දැමුවේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.Continue Reading

වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මියගොස් තිබේ. ගෙල සහ පපුව ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කළ ඔහු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. නාරා හි මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරයකට ලක්වී තිබුණි. මියයන විට 67 වන වියේ පසුවූ ෂින්ෂෝContinue Reading

තමාට නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට සිදුකෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. ඔහු පවසන්නේ, තමන් සිය කැබිනට්ටුවේ ඉහළ යමින් පවතින කැරැල්ලකට මුහුණදෙමින් සිටින බවය.  පවතින ආර්ථික පීඩනය සහ යුක්‍රේන යුද ගැටුම් මධ්‍යයේ තමා ඉල්ලා අස්වීම නිවැරදි නොවන බව බොරිස් ජොන්සන් සිය කැබිනට් මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත.Continue Reading

ලොව පුරා රටවල් 58කින් මංකිපොක්ස් වෛරසය ආසාදිතයන් 6,000 ඉක්මවා වාර්තාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රේසස්, ජීනිවා නුවරදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. මංකිපොක්ස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හදිසි සාකච්ඡාවක් ඉදිරියේදීContinue Reading

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙඩි ප්‍රහාරයෙන් තුවාළ ලැබූ හිටපු අග්‍රාමත්‍යවරයා මේ වනවිට රෝහල්ගතකර තිබේ. නාරා නගරයේදී කතාවක් කරමින් සිටියදී ඔහුගේ පසුපසින් මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ලවූ බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. වෙඩි තැබීම සිදුකළContinue Reading

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එම ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බව, එරට මාධ්‍ය වාර්තා කරයි. මේවන විටත් ඔහු සිය පක්ෂවන කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත. බ්‍රිතාන්‍යයේ මේ වසර තුළ උද්ධමනය 9.1%කින් ඉහළයාමත් සමග රට තුළ දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම නිසා අගමැති බොරිස්Continue Reading

ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියනයක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇත.  දහස් ගණනක් සහන කඳවුරුවල රඳවා ඇතියි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය මත දහස් ගණන් ජනයා ආහාර, ඖෂධ සහ පානීය ජලය ලබා ගැනීම වෙනුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී තිබේ.  ඉන්දීය හමුදාව සහ ජාතික ආපදාContinue Reading

යුක්‍රේනයේ, නැගෙනහිර ‍‍ප්‍රදේශ රැසක යුද ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවති. නැගෙනහිරදිග ප්‍රාන්තයක් වන ඩොනෙට්ස්ක්හි ආණ්ඩුකාරවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වහාම  එම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙසයි. යුක්‍රේනයේ, නැගෙනහිර ප්‍රදේශ රැසක් මේ වන විට මුළුමනින්ම රුසියානු හමුදා යටතට  පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ඔවුන්ට අත්පත් කර ගැනීමට ඉතිරිව ඇත්තේ,  ඩොනෙට්ස්ක් ප්‍රාන්තය පමණි.  තවත්Continue Reading

ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාවට උදව් කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි. දකුණු ආසියාව කෙරෙහි ඉන්දියාව විශාල අවධානයක් යොමු කරන බව ජයශංකර් මහතා සදහන් කරයි. දිල්ලියේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාව දැන් සමස්ත අසල්වැසි ප්‍රදේශයම ඔසවා තැබිය හැකි එසවුම් රැල්ලක් ලෙසContinue Reading