පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බවය. ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.Continue Reading

සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට දිමුත් කරුණාරත්න මෙන්ම මතීෂ පතිරණ ද ඇතුළත් කරContinue Reading

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේ ද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියමයක් නොමැතිව කල් තබා තිබේ. පළාත් පාලනContinue Reading

ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ණයගැතිභාවයට පත්වී ඇති රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැපීපෙනෙන ප්‍රගතියක් අත් කරගැනීමට අද (09) පැවැත්වෙන ගෝලීය ස්වෛරීත්ව ණය පිළිබඳ වටමේස සාකච්ඡාව ඉවහල්වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුලද අපේක්ෂා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් පවසන්නේ එම සාකච්ඡාවෙන් පසුව තුලනාත්මක ණය සහන ලබාදීම පිළිබඳ වැඩමුළුවක් ලබන 15 වනදාContinue Reading

රටේ ජනගහණයෙන් හැම 05 දෙනෙකුගෙන්ම 01 අයෙක් පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවය. වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරනContinue Reading

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් වෙයි. මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම තුළින් ජාතික ආරක්ෂාවට සංවේදීContinue Reading

මෙරට ඉන්ධන අර්බුදය උග්‍රව පැවැති සමයේ ඉන්ධන තොග අක්‍රමවත් අයුරින් බෙදාහැරීම පිළිබඳ තොරතුරු රැසක් ජාතික විගණන කාර්යාලය සිය නවතම වාර්තාවෙන් අනාවරණ කර තිබේ. එම සමයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දීපව්‍යාප්ත බෙදාහැරීම් ප්‍රමුඛතා ලැයිස්තු තෙල් සංස්ථාව විසින් දිනපතා ලබා දෙනු ලැබීය. මෙම විගණන වාර්තාවේ සඳහන් වන්නේ 2022 වසරේ ජුනිContinue Reading

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ 2023 ජුනි 10 වනදා සිට එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 සැප්තැම්බර් 18 වනදා ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබුණිContinue Reading

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් බව සඳහන් වෙයි. පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් ලෙසටය. චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියනContinue Reading