‍දිවයිනට පැමිණ ඇති “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා අද (29) සිය පර්යේෂණ කණ්ඩායම සම්බන්ධ වීමට නියමිත බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිය ආයතනයේ නිලධාරීන් සිව්දෙනෙකු අදාළ පරීක්ෂණ කටයුතු සහභාගී වීමට නියමිත බවය. ඊට අමතරවContinue Reading

අද (29) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75කContinue Reading

නිලන්ත කුමාර නොහොත් “තංගල්ලේ සුද්දා” නම් වෙඩික්කරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු ඝාතන සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද සොයාගත් බවය. ඒ උණවටුන ප්‍රදේශයේ සඟවා තිබියදීය. කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමග නිලන්ත කුමාර නොහොත්Continue Reading

ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් වන ප්‍රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා අද (28) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. පවුලේ ඥාතීන් පැවසුවේ ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනම අවසන් කටයුතු සිදු කළ බවයි.Continue Reading

දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී තිබේ. ශ්‍රී ලංකා දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ මීරිගම සහ අලව්ව අතරදී මෙම ගස දුම්රිය මාර්ගයක කඩාවැටී ඇති බවය. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනය බාධා සිදුවී ඇති බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.Continue Reading

මොරටුව පොලිස් වසමේ, මොරටුව පිරිස් මාවත කෙළවරේ බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (27) උදෑසන එම මළ සිරුර ඇති බවට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව ද පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා උස අඩි 5ක් පමණ වනContinue Reading

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇති විය හැකිය.Continue Reading

ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම සඳහා රුපියල් බිලියන 5.6ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඉදිරි මාස 02 සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනයContinue Reading

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව , දීර්ඝ කාළයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින් , එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද 27 දින එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .  ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකාContinue Reading

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසයි.  හමාස් සංවිධානයේ “Al-Qassam” බ්‍රිගේඩය ඒ බව වාර්තා කළේය. නමුත් අමෙරිකානු බලධාරීන් පවසන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා හමාස් සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරන බවයි. ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී ඊශ්‍රායලයේ සිටි 220කට අධික පිරිසක් පැහැරContinue Reading