පොහොය දිනයක් වන හෙට (30) දිනයේ රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව රජය දැනුම්දෙයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය. අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් එලෙස රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබෙනු ඇත. Continue Reading

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු රාගම පොලිස් වසමේ තේවත්ත පල්ලිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. නොරොච්චෝලය පොලීසිය විසින් ඊයේ (28) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි සේතපොළ, මාම්රිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 26 වනදා නොරොච්චෝලය, සේතපොළ කලපුව අසල නළලේ සහ වම් අතෙහි කැපුම් තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස්Continue Reading

මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය. යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු cbslgen@cbsl.lk යන ඊමේල්Continue Reading

යාපනය රෝහලේදී පසුගියදා තුන් නිවුන් දරු උපතක් සිදුව ඇති අතර, දරුවන් නිරෝගී තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් අප්පුදුරෙයි මහතා ඇතුළු වෛද්‍ය හා හෙද කණ්ඩායමක් විසින් අදාළ තුන් නිවුන් දරු උපත සාර්ථකව සිදුකර තිබේ. දරුවන් හා මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවදContinue Reading

පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ. දණ්ඩ නීති සංග්‍රහය යටතේ එසේ නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. පිරමීඩ ක්‍රමය යනු, ව්‍යාපාරික ක්‍රමයක් නොවන බවත් එය අපරාධමය ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. 1988 අංක 30Continue Reading

පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ, තවත් සති 04ක කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරයි. පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බව ද වාර්තා වේ. තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වන විට විදුලිContinue Reading

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම නිලධාරියා දියසෙන්පුර ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී ඊයේ (24) මැදිරිගිරිය විහාර මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත. බස්රථ කොන්දොස්තරවරයා විසින් මගීන්ට ප්‍රවේශපත් නොදීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදීContinue Reading

මන්නාරමේ වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි. වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය. ඝාතකයන්, මරණකරුවන් හා ඝාතනයට හේතුව පිළිබඳ තවම නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය විමර්ශන පවත්වයි.Continue Reading

නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක් වෙයි. මේ අතර උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේContinue Reading

‘ලයිලා’ වැනි ධීවර ක්‍රමයක් හෝ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ යම් කාන්දුවක් කැස්බෑ මරණවලට හේතුවිය හැකි බවට සැකයක් පවතින බව පරිසරවේදීන් පවසයි. කැස්බෑ සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කර ඇති ගාලුමුවදොරට මෙන්ම වැල්ලවත්ත සහ දෙහිවල වෙරළ තීරවලට මියගිය කැස්බෑවන් 11ක් මීට පෙර ගොඩගසා තිබුණි. අසාමාන්‍ය ලෙස ගොඩ ගසා තිබූ මෙම කැස්බෑ මළ සිරුරුContinue Reading