ගාලුමුවදොර අරගලකරුවන්ගේ ජාතික විරෝධතාවයට සහාය පල කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලංකිකයින් විසින් ඉතිහාසේ ශ්‍රී ලාංකිකයින් ප්‍රංශයේ කරන පළවෙනි පාගමන.සංවිධානය කර ඇත. ඉගෙනීමට,රැකියාවට පැමිණි හෝ සරණාගතභාවය ලබා ගත්ත සිංහල දෙමළ මුස්ලිම් සියලු ශ්‍රී ලාංකිකයින් මෙයට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා.Continue Reading

මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජය සහ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමෙන් වැළකී සිටින ලෙස පොලිස්පති මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා මේ බව පැවසීය. අදාළ නිවේදනය පහතින්. උපුටා ගැනීමContinue Reading

රුපියල් 250ක පමණ මුදලකට ඉන්ධන ලීටරයක් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝජිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා යළි අවධාරණය කරයි. මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව හමුවට ඊයේ (06) කැඳවා තිබූ අතර මහින්ද අමරවීර අමාත්‍යවරයා කළ විමසීමකදී ජනක රත්නායක මහතා මේ බව කියා සිටියේය. “අපි බලනකොට අපිට තේරුණා මෙතෙන කිසියම්Continue Reading

ජල නලයක බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජලසම්පාදන මණ්ඩලය පවසයි. මේ අතර කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙන අතර, හෙට උදෑසන 06 පමණ වන විට සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බව මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.Continue Reading

මුදල් අමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට ඇමැති ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රකාශ කර ඇති බවට පුවතක් ලැබුණු බවත් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා පිළිතුරක් දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වට්ස්අප් පණිවුඩයක් ද ලැබී ඇති බව හර්ෂ දContinue Reading

යාපනය වැල්වෙටිතුරෛ මුහුදු සීමාව හරහා ඔස්ට්‍රේලියාවට යාමට තැත් කළ පිරිසක් ඊයේ (06) යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබෙනවා. බෝට්ටුවක ආධාරයෙන් ඔස්ට්‍රේලියාවට යාම සඳහා යාපනය – තොණ්ඩමාරු ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටිය දි යි මෙම පිරිස අත් අඩංගුවට පත් වී ඇත්තේ. අත් අඩංගුවට පත් වූ පුද්ගලයන් වවුනියාව හා ත්‍රිකුණාමලය යනContinue Reading

පණ අදිමින් සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්..! කැළේ ඉපදිලා කැළේ හැදිලා වැඩිලා තමන්ගේ නිජබිමේ ඇතෙකුට ගෙවන්න පුළුවන් උපරිම නිදහස් ජීවිතයක් ගත කරලා පෙනුමටම ගැලපෙන නමක් ලැබුනු මහේශාක්‍ය තමන්ගේ අවසන් හුස්ම පොද වා තලයට එකතු කරලා.. ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් බරපතල තුවාල ලබා මරණාසන්නව සිටි ඇතකුගේ එක් දළක් කිසියම් සහාසිකයකුContinue Reading

විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට එහි පෝලිමේ රැඳී සිටියදී දරු ප්‍රසූතිය ලකුණු පහළවී තිබෙනවා.ඒ ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැසිකිළියට ගොස් සිටියදී.මෙහි දී ඇය සිදු කළ දැනුම් දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටි හමුදා කණ්ඩායමක් විසින් ඇයවContinue Reading

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් නිවෙස්වල සිට රාජකාරී සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් එස්. ඒ. අතුල සීලමන්ආරච්චි මහතා සඳහන් කළේ, සිය නිලධාරීන්ට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගෙන නොමැති බවය. මේ හේතුවෙන් අද (07) දිනයේ සිට රාජාකාරී ස්ථාන වෙත නොගොස්Continue Reading

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධයෙන් සියලු ආයතන ප්‍රධානීන් වෙත ඊයේ (06) දිනයේ දැනුම් දී ඇති බව වාර්තා වේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යට වෙත පැමිණෙන දෛනිකContinue Reading