බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 6දෙනෙක් නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ. ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේදී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් පැවති එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින්ව මෙලෙස බේරාගැනීමට සමත්වූ බව නාවික හමුදාව පැවසීය. එම පිරිසContinue Reading

අහුන්ගල්ලේ  සංචාරක හෝටලයක පළමු මහලෙන් බිමට වැටුණු දරුවකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුත් කර තිබේ. මෙසේ තුවාල ලබා ඇත්තේ කුරුණෑගල පදිංචි සිව් හැවිරිදි පිරිමි ළමයෙකි. මව්පියන් සමග සංචාරයක් සඳහා පැමිණ හෝටලයේ පළමු මහලේ කාමරයක නතරව සිටියදි ළමයා අද අලුයම හතරට පමණ කාමරයෙන් පිටතට පැමිණ බැල්කනියේ රැඳි සිටියදි බිමට වැටි ඇත.Continue Reading

මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා” සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 11.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු වේ. ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවතුණි.Continue Reading

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, කයිවෙලි ප්‍රදේශයේදී වයස අවුරුදු 10 ගැහැනු දරුවෙකු පැහැර ගැනීමට පිරිසක් උත්සාහය කර ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් එක් සැකකරුවෙක් අද (14) මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලීසිය පැවසූවේ දැරිය සිය මව සමඟ උපකාර පන්තියකට පැමිණ ඇති අවස්ථාවේ පිරිසක් පැමිණ දැරියගේ මුහුණටContinue Reading

යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදෙන අයුරු වීඩියෝ කොට ටික් ටොක් සමාජ මාධ්‍යට දැමූ පුද්ගලයින් 08 දෙනෙකු  අත්අඩංගුවට ගත් බවට කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය. මීට දින 10 කට පෙර 54 හැවිරිදි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් කඩු ඇතුලු තියුණු ආයුධ වලින් පහරදෙන වීඩියෝවක් ටික් ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගContinue Reading

පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරු ව්‍යාප්තිය උග්‍රවීම සම්බන්ධයෙන් වන වගකීම අධ්‍යාපන අමාත්‍යංශය බාරගත යුතු බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ පාසල් රැසක අදාළ කම්කරු සේවකයින් නොමැති වීම හේතුවෙන් පාසල් ආශ්‍රිත පවිත්‍රතා කටයුතු සහ සනීපාරක්ෂක කටයුතු සිදුනොවන බවය. එම නිසා එම පාසල් ආශ්‍රිතවContinue Reading

නර්තන කණ්ඩායමක් ගමන්කරමින් සිටි වෑන් රථයක් බදුල්ල, හාලිඇළ ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11දෙනෙකු තුවාල ලබා තිබේ. අද (14) අලුයම එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අදාළ වෑන් රථය නර්තන කණ්ඩායමේ හිමිකරු විසින්ම පදවා ඇති අතර ඔහුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය. වෑන් රථයContinue Reading

නෙළුව දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතරව සිටි පවුල් කිහිපයක පිරිමි ළමයන් හතර දෙනකු ඊයේ රාත්‍රි සිට අතුරුදහන්වි ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි නෙළුව පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන්වි ඇත්තේ අවුරුදු 01 මාස 03 අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පසුවන පිරිමි ළමයින් සිව් දෙනෙකි. මෙම ළමයන්ගේ මව්පියන් නෙළුව ප්‍රදේශයේContinue Reading

වෙන්නප්පුව, බෝලවත්ත දුම්රිය ස්ථානයට එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (13) රාත්‍රී 7ට පමණ බීමත්ව සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවය. බෝලවත්ත දුම්රිය ස්ථානයේ වේදිකාව මත පුද්ගලයින් කිහිපදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඔවුන්ට එම පරිශ්‍රයෙන් ඉවත්Continue Reading

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණු වීමක් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. පෙරේදා දිනයේ සිටContinue Reading