පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙයි. තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30ට පමණ ආරම්භ වීමට නියමිතය. පළමු කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් මේ වන විට පසුවෙයි.Continue Reading

හලාවත පොලිස් වසමේ කොක්කාවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නිවස තුළ බිම වැටී මියගොස් ඇතැයි හලාවත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙක් බවට අනාවරණය කරගෙන ඇත. මියගිය පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙමින් සිටි අයෙකු වන අතර ඔහුගේ පුතා විසින් එම පැමිණිල්ල සිදුකර ඇති බවත්Continue Reading

වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට අද (15) අධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබේ. 2005 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව එම නිලධාරීන්ට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත. මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේContinue Reading

නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. මෙම විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3‍,950දෙනෙකු සමත් වී තිබේ. විභාගය සමත් වූContinue Reading

මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 7ක පමණ තැපල් ජන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කර අවසන් බවද ඇය සඳහන් කළාය. මහා භාණ්ඩාගාරය රජයේ මුද්‍රණාලයට දැනට ලබාදී ඇත්තේ කෝටිContinue Reading

ජර්මන් පාර්ලිමේන්තු සාමාජික ආචාර්ය පීටර් රැම්සෝර් (Peter Ramsauer) මහතා  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. ජර්මානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් පීටර් රැම්සෝර් මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක නිරතව සිටී.  පීටර් රැම්සෝර් මහතා ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහContinue Reading

මත්පෙති 145ක් ළඟ තබාගෙන සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ඊයේ (14) රාත්‍රීයේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එම වෛද්‍යවරයා බදුල්ල මයිලගස්තැන්න පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී කාලයක සිට පාසැල් දරුවන්ට හා තරුණ, තරුණියන්ට මත්පෙති අලෙවි කරන බවට ලැබුණු තොරතුරුක් මත වැටලීම සිදුකර තිබුණි.Continue Reading

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් මන්නාරම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව දන්වමින් අදාළ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දී තිබේ. එම නියෝගය අනුව අදාළ ලිපිය ක්‍රියාත්මක කිරීම මේ මස 21 දක්වා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස අතුරු නියෝගයක්Continue Reading

බොරැල්ල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධහමුදා සෙබළුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. පොලීසිය පවසන්නේ යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකුContinue Reading

කුලියාපිටිය මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.Continue Reading