1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට අදාළව අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධිකරණයෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකුගේ අභියාචනා සලකා බැලීමේදී එම පුද්ගලයා අත්අඩංගුවේ සිටි කාලය හෝ එයින් යම් කොටසක් හෝ ඔහුගේ දණ්ඩන නියමයේ දැක්වෙන කාලයෙන් කොටසක් ලෙසContinue Reading

නුවරඑළිය සිට බදුල්ල දක්වා ධාවනය වු සහල් රැගත් ලොරි රථයක් නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේ දී අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ. අනතුරින් එම ලොරි රථයේ ගමන් ගත් රිය සහායකයා තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඊයේ (05) පස්වරුවේ ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසිය පවසයි. ඊයේ සවස 4ටContinue Reading

ඉහළගම ප්‍රදේශයේ දී පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 30 හැවිරිදි පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බිරිඳගේ පියා සමග ඇති වු බහින්බස්වීමක් දුරදිග යාමෙන් මාමණ්ඩිය විසින් පොරොවෙන් පහර දී බෑණාව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. සැකකරු ඉහළගම පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

වව්නියාව මුන්රිමුරිප්පු සින්න වලයන්කට්ටු කුලම් ප්‍රදේශයේදී හක්කපටස් බෝම්බයකට වනඅලි පැටවෙකු ගොදුරුවීමෙන් මියගොස් සිටියදී සිරුර සොයාගත් බවට වව්නියාව වනජීවි කාර්යාලය පවසයි. මීට දින කිහිපයකට පෙර අදාල අලි පැටවා හක්කපටස් බෝම්බයකට ගොදුරුවී ඇති අතර පසුව සින්නවලයාන්කට්ටු වැවට පැමිණ වැටී සිටිනු ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව වව්නියාව වනජීවි කාර්යාලයට දැනුම් දෙනු ලැබීය. අනතුරුව උතුරුContinue Reading

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කැනඩාව බලායෑමට සූදානම්ව සිටි ශ්‍රී ලාංකිකයින් 11දෙනෙකු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. තමිල්නාඩු කියුබ්‍රාන්ච් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ පුද්ගලයින් පිරිස කොල්ලම් ප්‍රදේශයේ හෝටලයක් තුළ සිටියදී කේරළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. සංචාරක වීසා මත පසුගිය සතියේ තමිල්නාඩුවට පැමිණිContinue Reading

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ආරම්භ කරන පාසල් සඳහා සාමාන්‍ය පෙළ දක්වා අතරමැද ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම තුළින් ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට අසාධාරණයක් සිදුවන බවය. නාවල ජනාධිපති විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපනContinue Reading

අධික වර්ෂාවත් සමඟ ජලය පිරී තිබූ අනාරක්ෂිත කානුවකට ඇදවැටී එහි සිරවූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මලියදේව ආදර්ශ විදුහලේ 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි සජිත් ගුණරත්න නමැති පාසල් සිසුවෙකි. ප්‍රදේශවාසීන් සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව කානුවේ සිරවී සිටි දරුවා මුදාගෙනContinue Reading

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ගෙවීම් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවේ, ඉදිරියේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන ඕනෑම සේවාවක් සඳහා ගෙවීම් සිදුකිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිතා කළ හැකි බවය. අද (05) රජයේ ප්‍රවෘත්තිContinue Reading

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් විනාශ වී යන වී ගබඩා සංකීර්ණ දෙකක් පිළිබඳව “අද දෙරණට” තොරතුරු වාර්තා විය. එම වී ගබඩා සංකීර්ණ පිහිටා ඇත්තේ පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේය. ඉන් එක් වී ගබඩාවක් වසර 3කට පෙර විශාල මුදලක් වැය කොට ඉදිකර ඇතිමුත් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන විනාශ වෙමින් ඇති බව ගොවීන් පෙන්වා දෙති. මේ අතරContinue Reading

අද (06) දිනයේ පැවති තද වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇතිවේ.  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුරුContinue Reading