පාසල් සාමාන්‍ය පරිදි සතියේ දිනවල පැවත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බැවින් හෙට (අගෝ. 15) දිනයේදී දිවයින පුරා අවම වශයෙන් පෞද්ගලික බස් රථ 90%ක ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, 10,000ත් 12,000ත් අතර බස් රථContinue Reading

දිවයින පුරාම පිහිටි වනජීවී කාර්යාලවලට  විදුලි වැට සැකසීමට ගෙන්වා ඇති උපකරණ වලින්  නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නැතැයි  තහවුරු වී ඇති බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින සියලුම ප්‍රදේශ ආවරණය සඳහා විදුලි අලි වැට තැනීම සඳහා අවශ්‍ය උපකරණ ලුණුගම් වෙහෙර වනජීවී කාර්යාලයේ Continue Reading

රස්නායකපුර ප්‍රදේශයේ නිවසකට කඩා වැදුන සිවු දෙනකුගෙන් යුතු කල්ලියක් නිවැසියන් ඇතුලු සිවු දෙනකුට තියුණු ආයුධවලින් පහර දී කපා කොටා,රුපියල් ලක්ෂ හයක මුදලක් සහ රන් මාල තුනක් කොල්ලකා පලාගොස් ඇතැයි රස්නායකපුර පොලීසිය පවසයි. මෙම තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරීයකු (45) ,ඔහුගේ බිරිඳ (42) සහContinue Reading

රටපුරා බොහෝ රෝහල්වල ඇති වී තිබෙන අත්‍යවශ්‍ය ඖෂධ හිගය හේතුවෙන් ශල්‍යකර්ම බොහොමයක් නතර කර දමා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ පවතින ඖෂධ සම්බන්ධයෙන් සියලුම රෝහල වාර්තාවක් කැඳවා ඇති බවයි. බාහිර රෝගී අංශවලින් ලබා දෙන සාමාන්‍ය ඖෂධ, ජීවිතාරක්ෂක ඖෂධ, ශල්‍යකර්මය සඳහා අවශ්‍යContinue Reading

ජාත්‍යන්තර රතු වරෙන්තුවක් මත ඩුබායිහිදි අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක් කටා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නොහැකිවන අයුරින් කටයුතු කිරීමට දකුණේ දේශපාලනඥයකු පොලිසියේ ඉහළ නිලධාරින් කිහිප දෙනකුගේ සහාය ගැනීමට සැලසුම් කරගෙන යන බව අනාවරණය වී ඇත. මේ සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කිරීමට හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සිකුරාදා (12 වැනිදා)Continue Reading

විධායක බලතල සහිත ජනාධිපතිවරු පවා දෙවියන් ඉදිරියේ නොදරුවන්ය. දෙවියන්ගේ ආවතේවකරුවන් වන කපුවන්, කපු මෑණිවරුන් ඉදිරියේ ඔවුන් හැසිරෙන්නේ සියල්ල දෙවිවරුන් විසින් ඉටුකර දෙන බවට වන මිත්‍යා විශ්වාස මත පදනම්වය. එවැනි මතිමතාන්තර කරපින්නා ගත් නායකයන්ට පසුගිය දිනවල අත්වූ ඉරණම පිළිබඳ තොරතුරු මෙරට ජනතාවට රහසක් නොවන්නේය. දෙවියන්ගේ ආශිර්වාද පතා දේවාල ආදියේ කරක්ගසන ‘නරContinue Reading

පාසල් ක්‍රීඩා තරඟාවලියකට සහභාගි වී  ආපසු එමින් සිටියදී නිවසට නොගොස් දැදුරුඔයේ දිය නෑමට ගිය ගෝනිගොඩ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි සිසුවකු  දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව රිදීගම පොලිසිය පවසයි. මරණයට පත්ව සිටින්නේ විදුහලේ 11 වසරෙහි ඉගෙනුම ලබමින් සිටි කවිඳු රශ්මිත් ජයසූරිය නමැති ශිෂ්‍යයෙකි. ගොකරැල්ල පොල්ගොල්ල ප්‍රදේශයේ දරුවන් දෙදෙනකුගෙන්Continue Reading

විදුලි ජනනයට ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (15 සහ 16) දෙදින පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට රාත්‍රී 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ මිනිත්තු 30 බැගින් අවස්ථා දෙකකදී පැයක විදුලි කප්පාදුව ක්‍රියාත්මකContinue Reading

ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක සේයා ඇති බවත්, ඒ ගැන විමර්ශනයක් කළ යුතු බවත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පවා ඇතැයි කී කොළඹ අගරදගුරුතුමෝ තමන් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒContinue Reading

පානදුර උතුර ලිට්රෝ ගෑස් අලෙවි සැලකින් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ගෑස් සිලින්ඩර සහ මුදල් අද අලුයම සොරාගෙන ගොස් ඇතැයි පානදුර උතුරු පොලිසිය කියයි. එම වෙළඳසලින් ගෑස් සහිත සිලින්ඩර 30 ක් හා මුදලින් රුපියල් 30,000 ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇති බව වෙළඳසැලේ හිමිකරු කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. වෑන්Continue Reading