2022 ඉන්දීය විවෘත ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී මව්බිමට රන් පදක්කමක් දිනා දීමට ජනනි ධනංජනා සමත් වූවාය. කාන්තා දුර පැනීමේ ඉසව්වේදී මීටර් 5.1ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඇය එම රන් පදක්කම හිමි කරගත්තාය. එම තරගාවලිය ඉන්දියාවේ බැංගලූර් හිදී මෙවර පැවැත්වෙන්නේ සිව්වැනි වරටය.Continue Reading

ශ්‍රී ලංකා පාසල් රග්බි තරග බිමේ වැඩිම අවධානයක් දිනා ගත් ප්‍රමුඛතම රග්බි තරගය ලෙස සැලකෙන කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට 76 වැනි බ්‍රැඩ්බි පලිහ රග්බි තරග ද්විත්වයේ පළමු තරගය අද (20) පස්වරු 4.00ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙහි දෙවැනි අදියරේ තරගය ලබනContinue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.සංචිතයේ නායකත්වය පවරා ඇත්තේ දසුන් ශානකටයි.ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ මෙම සංචිතයට ඇතුලත්.ඊට අමතරව ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, දිල්ෂාන්Continue Reading

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි. එහි තරග කිහිපයක් ඉන්දියාවට ද දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ අනාගත ක්‍රිකට් තරග කාලසටහන (Men’s Future Tour Program) මඟින් තහවුරු කොට තිබේ. මේ අනාගත ක්‍රිකට් තරග කාලසටහන 2027 දක්වා සැලසුම් කොටContinue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරණ කණ්ඩායම් 12 එළඹෙන 2023 වසරේ සිට 2027 වසර අවසානය දක්වා ක්‍රීඩා කරන තරග කාලසටහන් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (17) කටයුතු කළා.එම කාලය තුළ අදාළ කණ්ඩායම් 12 ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග ආකෘති තුන ම ක්‍රීඩා කිරීමට නියමිතයි.ඒ අනුවContinue Reading

ආසියා ක්‍රිකට් කුසලාන ප්‍රවේශපත්‍රවලින් පමණක් ඩොලර් මිලියන 1.5ක් මුදලක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි 20 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයේ සියලු ප්‍රවේශපත්‍ර පැය දෙකහමාරකට අඩු කාලයකදී විකිණී අවසන් වෙයි. මේ හේතුවෙන් බොහෝ දෙනකුගේ බලාපොරොත්තු සුන් වී ගොස් ඇතැයි විදෙස්Continue Reading

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීයය ක්‍රීඩා උළෙලේ දී  ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබාදෙමින් මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා දුන් නෙත්මි අහිංසා පෝරුතොටගේ ක්‍රීඩිකාව ඊයේ (15)ඇයගේ පුහුණුකරු හා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිළධාරීන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම අමාත්‍යාංශයේදී හමුවූහ. පුහුණුවීම් කටයුතු සමඟ ඇයගේ අධ්‍යාපන කටයුතු  සමබරව පවත්වාගෙනContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හා රුපියල් මිලියනයක තෑගි මුදල කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් පිල දිනා ගනියි. රෙඩ්ස් කණ්ඩායම හා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායම අතර ඊයේ ආර්. ප්‍රේමදාස පිටියේ විදුලි ආලෝක ධාරා මැද පැවැති තරගයේ පන්දු 19ක් ඉතිරිව තිබියදී කඩුලුContinue Reading

නායකත්වය නාලන්දාවේ රවීන් ද සිල්වාට යොවුන් ටෙස්ට් තරගමාලාවකට සහ එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (14) එංගලන්තය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මේ සංචාරයට එක් නොවන බැවින් එම කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කළ නාලන්දා විද්‍යාලයේ හිටපු නායකContinue Reading

ඉකුත්දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් නවසීලන්ත පිතිකරු රොස් ටේලර් තමන්ට නවසීලන්ත සුදු ජාතික ක්‍රීඩකයන්ගෙන් අත්විඳීමට සිදුවූ ජාතිවාදී පීඩනය පිළිබඳ හෙළිදරව්වක් සිදුකර තිබේ. සැමෝවානු සම්භවයක් සහිත ක්‍රීඩකයෙකු වූ රොස් ටේලර් සිය චරිතාපදානය තුළ සටහන් කර තිබුණේ ක්‍රීඩාගාරයේදී විහිලුවක ආකාරයෙන් සෙසු ක්‍රීඩකයින්ගෙන් තමන්ට ජාතිවාදී ප්‍රකාශ අසන්නට ලැබුණු බවය. එංගලන්තය සහ ස්කොට්ලන්තයේදී ක්‍රීඩාContinue Reading