ජාත්‍යන්තර සහයෝගය දැඩි ලෙස අපේක්ෂාවෙන් සිටින මොහොතකදී ගෝල්ෆේස් අරගලයේ නිරත පිරිස් වෙත පීඩාකාරී මර්දනයක් දියත් කිරීම කිසි ලෙසකත් අනුමත නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති.මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, 2015 සිට 2019 දක්වා තමන් ජනපති ධුරයෙන් නික්ම ගිය දවස තෙක් අරගල මර්දනය සඳහා ත්‍රිවිධContinue Reading

කළු මුහුද හරහා ධාන්‍ය අපනයනය නැවත ආරම්භ කරමින් රුසියාව සහ යුක්රේනය අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.මෙම ගිවිසුමට එළඹීමත් සමග මේ වන විට පවතින යුධමය වාතාවරණය හමුවේ යුක්රේනයේ සිරවී ඇති ධාන්‍ය ටොන් මිලියන ගණනක් අපනයනය කිරීමට ඉඩ සැලසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාව යුක්රේනය ආක්‍රමණයෙන් පසුContinue Reading

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (23) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ලබන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව කොළඹ 7,8,9 සහ 10 යන ප්‍රදේශවලට රාත්‍රී 11 සිට හෙට (24) පෙරවරු 6 වන තෙක් ජල සැපයුම අත්හිටුවනු ඇති.Continue Reading

වාහනවල අංක තහඩුවේ 0, 1 හා 2 යන අවසාන අංකවලට අද (23) දිනයේ දී ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව පවතිනවා.කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිටම ඇතැම් පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.එමෙන්ම ඊයේ දිනයේදීද ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල කළහකාරි සිද්ධීන් වාර්තා වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.මේ අතර, ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේContinue Reading

මන්කි ෆොක්ස් හෙවත් වඳුණු උණ වැළඳුණු කුඩා දරුවෙකු ඇමරිකාවෙන් හඳුනාගෙන තිබෙනවා.කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි මෙම කුඩා දරුවාට දින කිහිපයක සිට උණ වැළඳීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි වඳුරු උණ ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.මේ වනවිට නිවසේ ප්‍රතිකාර ගනිමින් සිටින මෙම කුඩා දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.ඇමරිකාවේ ද මීටContinue Reading

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා බලපත්‍රලාභී රැකියා නියෝජිතයන් මාර්ගයෙන් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ 1,075 දෙනෙකු මෙම වසරේ පිටත්ව ගොස් තිබෙනවා.ඒ අනුව තවත් පිරිසක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව යාමට නියමිත අතර, ඔවුන්ට අදාළ ලියකිවිලි ප්‍රදානය කිරීම ඊයේ සිදු කෙරුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දීයි.Continue Reading

26 වසක් ඉපැරණි මළල ක්‍රීඩා වාර්තාවක් බිඳ දැමීමට ඊයේ (21) දිනයේ දී නෝවා ලයිල්ස් (Noah Lyles) සමත් වුණා.ඒ අමරිකාවේ ඔරිගන්හි පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි මීටර් 200 කෙටිදුර ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගනිමින්.ඔහු තරගය අවසන් කිරීමට ගත කළ කාලය තත්පර 19.31ක්.මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනුContinue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (23) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම උතුරුමැද පළාතේ සහ ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණContinue Reading

මෙරට ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර තිබෙනවා.විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව තමා එහිදී දැඩි කනස්සල්ල ප්‍රකාශ කළ බවයි අය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ.මෙය පුරවැසියන් මර්දනය කිරීමට කාලය නොවන අතර, ඒ වෙනුවට ජනතාවගේ විශ්වාසය යළි ඇති කර ගැනීමටත්, ස්ථාවරත්වය ඇති කිරීමටත්, ආර්ථිකය යළි ගොඩනැගීමටත්Continue Reading

දුම්රිය ස්ථානවලින් හෙට (23) දිනයේ ද පැවති මිලටම ප්‍රවේශපත් මිලදී ගතහැකි බවත් ප්‍රවේශපත් ගාස්තුව සංශෝධනය කිරීමට එරෙහිව ක්‍රියාමාර්ගයේ කිසිඳු වෙනසක් නොමැති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. දුම්රිය ගාස්තු සියයට 60 කින් (22) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රසිද්ධ කර තිබේ. Continue Reading