සෑම වසරකදීම ලාංකීය සිනමාවට විවිධ ශානරයේ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට, ඵෙතිහාසික කතා පුවත්, චරිතාපදාන, ප්‍රේම කතා ආදිය ඊට ඇතුළත්. කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපයක කාලය මෙරට සිනමාවට දැඩි බලපෑමක් එල්ල කළත් මෙරට සිනමාවේ සුපුරුදු රිද්මයට නැවතත් ළඟා වෙමින් සිටිනවා. 2021 වසරට සාපේක්ෂව මේ වසර මුල සිටම දේශීය සිනමාපටContinue Reading

ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙකි. අදාළ ගැටුම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. මෙම ගැටුම ඇතිවී ඇත්තේ ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකය.Continue Reading

ශ්‍රී ලංකා දුර පැනීමේ ශූරි සාරංගි සිල්වා අමෙරිකාවේ ඉයුජින්හිදී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ කෙරෙහි අවධානය යොමු කරමින් ඇය ලෝක ශූරතාවලියට එක් වීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. කාන්තා දුර පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට (මීටර්Continue Reading

කොරෝනා රැල්ලකට හසු වී තිබෙන ශ්‍රී ලංකා පිලේ අවසන් සංචිතය නම් කිරීම පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල මත තීරණය වන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය උදෙසා අවසන් ක්‍රීඩකයන් 13ක සංචිතයක් ලැයිස්තුගත කළද ඒ කවුද යන්න පවා ප්‍රසිද්ධ කිරීම කොරෝනාContinue Reading

ගෝලීයව කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර, කුමන හෝ අවස්ථාවක නැවත ශ්‍රී ලංකාවේද වයිරස් ප්‍රභේද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා කොවිඩ් මර්දන වර්ධක එන්නත් ගැනීම වැදගත් වන අතර,Continue Reading

ඉන්ධන තොග සඟවාගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කළ මෙහෙයුම්වලින් ඊයේ (7) වන විට බවුසර් 18කට අධික ප්‍රමාණයක ඉන්ධන සොයාගෙන තිබේ. ඩීසල් ලීටර් 68,168ක්, පෙට්‍රල් ලීටර් 32,122ක් සහ භූමිතෙල් ලීඩර් 19,098ක් වශයෙන් ඉන්ධන ලීටර් 119,388ක් වැටලීම්වලින් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨContinue Reading

රටේ පවත්නා නීතිය උල්ලංඝනය කරමින් සාමකාමි බව බිඳ වැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරි ලෙස කටයුතු කරමින් රජයේ හා පෞද්ගලික දේපොළවලට හානි කරමින් රැස්වීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ මුවාවෙන් කරනු ලබන ක්‍රියා ඉවසා සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ රටේ නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින කිසිදු නිලධාරියකුට හැකියාවක් නැති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාContinue Reading

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එම ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බව, එරට මාධ්‍ය වාර්තා කරයි. මේවන විටත් ඔහු සිය පක්ෂවන කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත. බ්‍රිතාන්‍යයේ මේ වසර තුළ උද්ධමනය 9.1%කින් ඉහළයාමත් සමග රට තුළ දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම නිසා අගමැති බොරිස්Continue Reading

යුපුන් අබේකෝන් වෙත වසරකට අමෙරිකානු 50,000 බැගින් වසර දෙකක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව වසර දෙක සඳහා යුපුන් අබේකෝන් හට හිමිවන අනුග්‍රාහකත්වය අමෙරිකානු ඩොලර් 100,000 කි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 36කට ආසන්නය. ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනය විසින්Continue Reading

මේ වර්ෂයේ ගතවූ මාස හය තුළදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වැටලීම් 12,313ක් සිදු කිරීමට සමත් වී ඇතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි. එම වැටලීම්වලදී පුද්ගලයන් 10,432ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට කාන්තාවන් 1881 ක් වන අතර අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 200 ඉක්මවන බවත් ඔහු පවසයි. එසේම අත්අඩංගුවටContinue Reading