2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851කි. එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%කි.Continue Reading

නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනත් කිසිදු ව්‍යාපාර අරමුණකට භාරනොදී සංරක්ෂණය කරදෙන මෙන් ඉල්ලා සර්ව ආගමික නායකයන් ඇතුලු පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සන්දේශයක් භාරදී තිබේ. තැපැල් හා විදුලි සංදේශ වෘත්තිය සමිති සහ රාජ්‍ය අංශය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනතාවගේ අත්සන් යුතුව එම සංදේශය භාරදී ඇත. අදාළ සංදේශය ජනාධිපතිContinue Reading

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට නියමිතය. විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු, ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ඔහුට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් එහිදී අමාත්‍යවරයා CIDය වෙත පැමිණිලි කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. Continue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ “Hall of Fame” යන විශේෂ ගෞරව නාමය 2023 සඳහා මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ට හිමිවී තිබේ. 2023 සඳහා එම විශේෂ ගෞරවය ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩිකාවක් වන ඩයනා එඩුල්ජි ට ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයContinue Reading

දීපාවලි සැමරුමත් සමඟ ඉන්දියාවේ වායු දුෂණය තව තවත් ඉහළ ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (12) රාත්‍රියේ දීපාවලි සැමරීම සඳහා රතිඤ්ඤා පුපුරවා හැරීම සහ ගිනිකෙළි පැවැත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවය. පසුගිය සති කිහිපය පුරා ඉන්දියාවේ දිල්ලි අගනුවර පවතින වායු දුෂණ හේතුවෙන් එහි ජනතාව දැඩි අපහසුතාවයට මුහුණදෙමින්Continue Reading

බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (12) රාත්‍රී එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස්කන්ද නාය ගොස් ඇති අතර එහිදි නිවාස 3කට හානි සිදුව ඇති බව වාර්තා වේ. මෙහිදි එක් නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනා මේContinue Reading

දීපවාලී උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලු දෙමළ පාසල් සඳහා අද (13) දිනයේ නිවාඩු ලබාදී තිබේ. උත්සව දිනය ඊයේ (12) ඉරිදා දිනයට යෙදී තීබිම හේතුවෙන් පාර්ශව කිහිපයකින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සියලු දෙමළ පාසල් සඳහා අද නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.  කෙසේවෙතත් ඒ වෙනුවට නොවැම්බර් මස 18 වන සෙනසුරාදාContinue Reading

මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස්කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නියොජිතයින් පිරිසක් අද (12) මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පවසන්නේ, ඔවුන් ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික බලශක්ති නීතිය කෙටුම්පත් කිරීම සඳහා සහය දක්වනු ඇති බවය.  රුසියානුContinue Reading

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු මැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු පළාත්වල අද (12) පස්වරුContinue Reading

සේනා දළඹු හානිය හේතුවෙන් අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාව දැඩි අවදානමකට පත් ව ඇති බව වාර්තා වේ. බඩ ඉරිඟු කරල හටගන්නා අවස්ථාවේ දී මීට පෙර සේනා දළඹු හානිය ඇති වුව ද මෙවර කන්නයේ දී බඩ ඉරිඟු වගාව ආරම්භ කර දින දොළහක් පමණ වන විට මෙමContinue Reading