බෙල්ජියමේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ පාපන්දු තරගයක් නැරඹීම සඳහා පැමිණි ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙකු බවය. මේ අතර පසුගිය සෙනසුරාදා අමෙරිකාවේ චිකාගේ ප්‍රදේශයේදී පලස්තීන සම්භවයක් සහිත 6 හැවිරිදි දරුවෙකුව ඝාතනය කර තිබුණි. එම ඝාතනයට පළිගැනීමක්Continue Reading

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබේ. එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා සඳහන් කළේ, බිලිඳුන් සයදෙනාම මේ මොහොතේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය. එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත් එක් අයෙක් කොළඹ ජාතික ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබනContinue Reading

දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගංජා ජාවාරමක නිරතව සිටින බවට චෝදනා කර වූ බියට පත් කර රුපියල්74,000 මුදලක් සහ රිදී අත් පළඳනාවක් බලහත්කාරයෙන් ලබාගත් බව කියනපොලිස් කොස්තාපල්වරයෙකු දෙහිවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි මවැඩ තහනම් කළ බවContinue Reading

පාසල් සිසුවියකට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අතවරයට ලක්ව ඇති බවට පැවසෙන්නේ ප්‍රාථමික විද්‍යාලයක 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව  අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. පසුගිය 06Continue Reading

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් වෛරය පිරිමහ ගැනීම සඳහා විවිධාකරයේ පහරදීම සහ ඝාතන වෙනත් රටවල් වලින්ද වාර්තා වෙයි. ඊට ආසන්නතම සිදුවීම පසුගිය සෙනසුරාදා වාර්තා විය. ඒ අමෙරිකවෙනි. එහිදී 71 හැවිරිදි පුද්ගලයෙක් විසින් 6 හැවිරිදි පලස්තීන – අමෙරිකානු දරුවෙක් ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.Continue Reading

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සමක් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (16) ඉවත් වුණි. එම පෙත්සම අද පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඔහු මෙම දැනුම්දීම සිදු කළේය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙනContinue Reading

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ. අද දහවල් හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන අතරදී මෙලෙස දුම්රිය පීලි පැන ඇත.Continue Reading

පෞරාණික වටිනාකමක් ඇතැයි සැලකෙන රන් පැහැති බුදු පිළිමයක් රුපියල්13,000,000 මුදලකට අලෙවි කිරීමට උත්සහ කළේ  යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු පූනෑව පරණ හල්මිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් විකිණීමට උත්සාහ කළ රන් පැහැති බුදු  පිළිමයද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඇත.Continue Reading

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ 60 මිනිටිස් වැඩසටහනට පෙනී සිටිමින්Continue Reading

කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ. සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත කඳාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන්ය. ඒ අනුව නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දීContinue Reading