මරදාන සිට දකුණු කළුතර බලා ධාවනයවූ අංක 716 මන්දගාමී දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් තිබේ. පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී මෙම අනතුර සිදුවී ඇත.  පානදුර දකුණු පොලීසිය පැවසුවේ මෙම කාන්තාව අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක් පමණ වයසැති කාන්තාවක්Continue Reading

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර්  රහුමාන් මහතා යළි එම මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබේ. විමසීමකදී ඔහු සදහන් කළේ, මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන්Continue Reading

මොණරාගල, බඩල්කුඹුර මාර්ගයේ 11 කණුව අසල ඇති තාවකාලිකව ඉදිකරන ලද පලතුරු වෙළෙඳසලක් අසලදී පොලිසිය විසින් පුද්ගල මළසිරුරක් සො‍යාගෙන තිබේ.  මියගිය පුද්ගලයාගේ ගෙලෙහි කැපුම් තුවාලද තිබී ඇති අතර, ඊයේ (14) දහවල් බඩල්කුඹුර පොලිසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයාගෙන ඇත. මියගොස් ඇත්තේ, පුස්සැල්ලෑව, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාContinue Reading

පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන දුනුමාල සරත් ව වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. ගලපිටමඩ, දුනුමාලවත්ත ප්‍රදේශයේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා විය.Continue Reading

අමෙරිකාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකාවේ උපන් තරුණයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය. ඇට්ලන්ටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක මෝටර් රථයක් තුළ තිබි ඔහුගේ සිරුර හමුවූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හසිත් නවරත්න නම් 34 හැවිරිදි එම තරුණයා ජූලි 02 වනදා සිට අතුරුදන්ව සිටි බව පොලීසිය පැවසීය.Continue Reading

රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගතවීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව උදාවෙයි. අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට කිසිඳු බාධාවක් ඇති නොවන බවදContinue Reading

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස පොලීසිය විසින් ඊයේ සවස් කාලයේදී ගල්කිස්ස, ගාලුපාර ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය වටලා ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 27, 41 සහ 67 යන වයස්වල පසුව පයාගල, නොච්චියාගම හා කඩවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් අද (14) අධිකරණයContinue Reading

රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය නොවැම්බර් මස 22 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළේය. 2014 වසරේ දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි විත්තිකරුවන්ට චෝදනා එල්ලව ඇත.  මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුම්දී තිබේ. එමෙන්ම දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වනදා පැවැත්වෙන බවද එහි සඳහන් වෙයි.  නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව පැවසීය. පාර්ලිමේන්තුව ජූලිContinue Reading

ගල්ගමුව, රඹොට්ටුකුලම වැවේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (12) සවස එම සිසුවා වැවේ දිය නාමින් සිටින අතරතුර එම අනතුර සිදුවී තිබුණි. 15 හැවිරිදි එම සිසුවා රඹොට්ටුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.Continue Reading