පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ජුනි මස 03 වන දින වසා දැමීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් දින 7ක් සුරාසැල් වසා තැබීමට නියෝග කරContinue Reading

ශ්‍රී ලංකා‌වේ වාහන මිල ගණන් දැවැන්ත ලෙස කඩාවැටෙමින් පවතින බවත්, ඉදිරියේදී එය තවත් පහළ මට්ටමට යන බව වාහන අලෙවිකරුවන් පවසනවා. මෙරට භාවිතා කරන ලද වාහන අලෙවිකරන ප්‍රධාන අලෙවිකරුවෙක් පැවසුවේ මෙවැනි දෙයක්. “අපේ රටට වාහන ආනයනය නතර කර මේ වන විට වසර කිහිපයක්ම ගත වෙනවා. මේ වන තුරුත් ලංකාවට වාහන ආනයනය කිරීමටContinue Reading

ලෝක ක්‍රිකට් කුසලාන ජයග්‍රහණය සඳහා පාකිස්ථානයට නායකත්වය දුන් ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වූ ඉම්රාන් ඛාන්, අද වන විට ලෝක දේශපාලනය තුළ දැඩි අවධානයට, ලක්වන චරිතයක් බවට පත්ව තිබේ. ක්‍රමානුකූලව පාකිස්ථානය ලෝක සිතියමේ සුවිශේෂි රටක් බවට පත්කරමින් සිටින පසුබිමක,සුපුරුදු කුමන්ත්‍රණයකින් ඔහුට බලය අහිමිවේ . පකිස්ථානයේ බහුතර ජනතා අභිලාෂයන්ට පටහැනිව යන විකෘති පාර්ලිමේන්තුContinue Reading

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත් විය. පසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහි අධ්‍යක්ෂක වරයෙක්Continue Reading

පිටකොටුව ඕල්කට් මාවතේ පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇත. ඒ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් පරිදිය.Continue Reading

එල්.ටී.ටී.ඊ.ය නැවත ප්‍රතිසංවිධානය කිරීමට සූදානම් වූ බවට චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලැබූ පලෙයි රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා ශීවරූබන් මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ඊයේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ. පලෙයි හිටපු අධිකරණ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 වසරේ අගෝස්තු 18 වෙනිදාය.Continue Reading

මා කළ ප්‍රකාශයෙන් බෞද්ධ, හින්දු මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කිසියම් සිත් රිදවුමක් වුයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි. දේවගැතිවරයා මේ බව සඳහන් කළේ සිංගප්පූරුවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඉරිදා දේවමෙහෙයට එක්වෙමින්ය. තමන්ගේ ප්‍රකාශය පිළිබඳව සිත් රිදීමක් වුයේ නම් ඒ ගැන සමාව අයදින නමුත් තමා කළContinue Reading

ලබන වසර තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා. නිශ්චිතව දිනයක් ප්‍රකාශ කළ නොහැකි වුවද, ලබන වසරේ මාර්තු මාසය වන විට ජනාධිපතිවරණයක් පැමිණේවි යැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ. එම ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා විශාල පිරිසක් සිටින බවදContinue Reading

චීනයේ සයිනොපෙක් සමාගම සමග ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) අත්සන් තබා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකටContinue Reading

තරුණියන් ඉහළ  ගණන්වලට අලෙවි  කරන  ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල  සංවිධායකවරයෙකු   ඇතුළු 7  දෙනකු අඟුරුවාතොට රෙමුණ ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින්  අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන්  අතර ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සිව් දෙනෙකු, ඔවුන් තවත්  කුලී රථයකින්  ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු දContinue Reading