දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍යContinue Reading

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකදී එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කළ බව රුසියාව පවසයි. යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ සපොර්ෂියා කලාපවලදී යුක්‍රේන හමුදා එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරය ව්‍යර්ථ කරමින් රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍ය ඉගොර් කොනෂෙංකෝ පැවසුවේය. ඊට පෙරදිනයේදීContinue Reading

රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය. පැමිණිල්ල සිදුකළ අදාළ පුද්ගලයා දීර්ඝ කාලයක සිට නිවසක් සාදා භුක්තිContinue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමේදී වඩා සැලකිලිමත් විය යුතු බවය. “මහජනතාවට කියන්න ඕනේ, කිසිම අවස්ථාවක තමන්ගේ පුද්ගලික තොරතුරු විශේෂයෙන්ම ජාතිකContinue Reading

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. අදාළ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකු බවට පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණි. එමඟින් දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීම සුදුසුContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහContinue Reading

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවය. එහිදී ඖෂධවල මිල 16%කින් අඩු කිරීමට නියමිතය.Continue Reading

මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලදී ගත් රුපියල් කෝටි 20ක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයේ FDG රසායනිකය ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය වසරක පමණ කාලයක සිට භාවිතාවෙන් ඉවත් කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණ කර තිබේ. මේ පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පෙට්Continue Reading

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය. ඒ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගනිමිනි. තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත්වූවාය. මේ අතර ඊයේ දිනයේ දී මීටර් 400Continue Reading

වත්මන් රජය ගෙනඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධවීමට සහ එය පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) ඒ බව පැවසීය. ඔහුContinue Reading