හෙට සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි. කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය හෙට දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇත.Continue Reading

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතනවල සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ. ඒ, රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා ගෙවූ බවට ලැබුණු වාර්තාවක් පදනම් කරගනිමිනි. පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යාංශයContinue Reading

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදී  පැවැත් වුණි. එම පරීක්ෂණය මුලින්ම විවෘත අධිකරණයේ කැඳවූ අතර මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදුකරන බවය.  ඒ අනුව මහෙස්ත්‍රාත්වරියගේ නිලContinue Reading

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජනවාරි මස 23 වනදා බව මැතිවරණ කොමිසම දැනුම්දී තිබේ. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුන් සිය අයදුම්පත් එළඹෙන ජනවාරි මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර සිය ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතුව ඇත.Continue Reading

අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට ගාලු පාර ඔස්සේ කතරගම සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවය ඉවත් කර තිබේ. අද උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. “මේ අර්ධ සුඛෝපභොගී බස්රථ නැති නිසා රු 1,541ක් වන ගමන් බලපත්‍ර ගාස්තුව මගියාගේContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් සිදුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවූ බවය. එහිදී ජනාධිපතිවරයා විසින්, පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සහ ජනවාර්ගික ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂContinue Reading

රථවාහන ආශ්‍රිත රාජකාරීවල නිරතවී සිටින පොලිස් නිලධාරීන්ට නව උපකරණයක් ලබාදී තිබේ. දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු වැඩිවීම හේතුවෙන් එම අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම උපකරණ ලබාදී ඇත.  අදාළ නව විද්‍යුත් උපකරණ හරහා බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට හැකිය.Continue Reading

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අඳුරු පැතිකඩ සහ ඩොලරය ශක්තිමත්වීම හමුවේ එලෙස බොරතෙල් මිල පහත වැටී ඇතැයි වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල ඊයේ (03) දිනයේදී ඩොලර් 3.81කින් එනම් 4.4%කින් පහතContinue Reading

ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කර ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තාවී තිබෙන බව අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහානායක ස්වාමීන්වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සන ද අදාළ ලිපියේ දැක්වෙයි. එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානකContinue Reading

යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර සඳහා ඩොලර් මගින් ගෙවීම් පහසුකම් ආරම්භ කිරීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඩොලර් ඉපැයීම අරමුණු කර ගනිමින් එම පියවර ගන්නා ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.Continue Reading