මිය ගිය දරුවාව රෝහලෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය පියෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන බව නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි. නුවරඑළිය නගරයේ සංචාරයකට පැමිණි අවස්ථාවක හිටිහැටියේ තම දරුවාට සිහිය නැතිවූ බව පවසමින් පුද්ගලයෙකු විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අවුරුදු 14ක පිරිමි දරුවෙකු රැගෙන විත් තිබුණි. එමContinue Reading

හෙට (29) ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අවහිරයකින් තොරව බස් රථ ධාවනයට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා බස් රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ, හෙට සිට ජුනි 8වැනිදා දක්වා නිල ඇඳුමෙන් පැමිණෙන සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසය. “කිසිදු බාධාවකින් තොරව දරුවන්ට තමන්ගේ විභාග මධ්‍යස්ථානවලටContinue Reading

බස්නාහිර පළාතේ ඌරන් අතර පැතිර යන රෝගී තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වී නොමැති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා සඳහන් කළේ, මෙය මිනිසුන්ට වැළඳීමේ ද ප්‍රවණතාවයක් නොමැති බවය. කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සිසිර පියසිරිContinue Reading

අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ආලංකුලම ප්‍රදේශයේ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් 8දෙනෙක් බරපතළ තුවාල ලබා තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ, වයස අවුරුදු 69ක කාන්තාවකි. වයස අවුරුදු 4ක කුඩා දරුවෙකුගේ සහ වයස අවුරුදු 38ක් වන මෝටර් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනContinue Reading

යාපනය බන්ධනාගාරයේ රැඳවියෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ. වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවන ලෙස ඉල්ලමින් අදාළ රැඳවියා ඊයේ (27) උදෑසන සිට එම විරෝධතාවය ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගෙවල් බිඳීම් ඇතුළු අපරාධ රැසකට වරදකරු වීම හේතුවෙන් 2040 වර්ෂය දක්වා සිරදඬුවම් නියම වී ඇතිContinue Reading

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ තාක්ෂණ අමාත්‍යංශය එක්ව එම ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය. නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයාContinue Reading

බෞද්ධ ආගමට අපහාස වන පරිදි ” මෝඩාභිමානය ” නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි නටාෂා එදිරිසූරිය  සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.  කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අ අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.  ගල්කිස්සContinue Reading

බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ කිතු දහමට අපහාස කරන ලද තරුණියක් සම්බන්ධයෙන් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණි.  කොළඹ ප්‍රධාන පාසලක පැවති ප්‍රහසන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට නතාෂා නමැති තරුණියකට පසුගියදා අවස්ථාව හිමිවුණි.  ඇය ඉදිරිපත් කිරීම ආරම්භයේ සිටම බෞද්ධ ආගමට, කිතුණු ආගමට හා ඉස්ලාම් ආගමට අපහාස කරමින් නරඹන්නන් සිනහා ගැස්වීමContinue Reading

06 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔවුන් එළඹෙන 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියෝග කළාය. එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, දිවුලපිටිය, මිල්ලගහවත්ත සහ පින්නලන්ද වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුවය. සැකකරුවන් දෙදෙනාව මීගමුව මහ රෝහලේ සමාජContinue Reading

රාජ්‍ය  තාන්ත්‍රික කටයුතු සඳහා ඉරාකය, රුමේනියාව සහ සයිප්‍රසය යන රාජ්‍යයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල  ළඟදීම අලුතින්  පිහිටුවීමට  කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  පැවැසීය. මේ රටවල්වල ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින හෙයින් ඔවුන් රැකබලා ගැනීම සඳහා තානාපති කාර්යාල පැවතීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.Continue Reading