ජනපති මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී
75 වන නිදහස් දින සැමරුමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු – අස්ගිරි මහනාහිරිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.Continue Reading
75 වන නිදහස් දින සැමරුමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු – අස්ගිරි මහනාහිරිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.Continue Reading
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකළ පැමිණිල්ල අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලContinue Reading
නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී පසුගිය දා සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි බස් රියදුරු ඇප මත මුදාහැර තිබේ. අද දින යළිත් එම නඩුව නුවරඑළිය මහෙස්ත්‍රාත් නාලක සංජීව එදිරිසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී රු 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මතContinue Reading
75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනය නිකුත් කර තිබේ. මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරදි එම මාර්ගවල රථවාහාන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බව පොලීසිය පවසයි. මාර්ග වසාContinue Reading
නිදහස් දිනයට සහභාගී වීම සඳහා ගමන් ගත් විශේෂ කාර්ය බළකායේ බස් තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. අද (02) උදෑසන 5.30ට පමණ ගාල්ල -කොළඹ ප්‍රධාන මාර්ගයේ පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ දී එම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ 9 දෙනෙක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.Continue Reading
2023 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 6කින් කපාහැරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවContinue Reading
විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයෑමේ සිදුවීමක් පිළිබඳ ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඊජිප්තුවේ සිට ඉන්දියාව බලා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක සේවයේ යෙදී සිටි නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියගොස් ඇතැයි ඊයේ (01) ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 41ක් හා 53ක්Continue Reading
ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ. “තෙත්බිම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට කාලය යි” යන්න මෙවර තෙත්බිම් දිනයේ තේමාව වේ. තෙත්බිම් දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් සංවිධානය කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා සඳහන් කළේය. “විශේෂයෙන්ම වැදගත් තෙත්බිම් පරිසර පද්ධතියක් වන කඩොලාන ආරක්ෂා කිරීම සහContinue Reading
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය පෙබරවාරි මස 28 වනදා ආරම්භ කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. මෙම නඩුව අද (01) දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යනContinue Reading
ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා විසින් මෙම පෙත්සම ගොනුකළේය. එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved