IMF – ලෝක බැංකුව සහතික වෙයි වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා සහාය දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සහතික වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හිදී පැවැති අතර මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන්Continue Reading

විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමාදයන් වැළැක්වීමට පියවර NSBM-SLIIT ජාතික විශ්වවිද්‍යාල තලයට  රාජකීය සිසුන් හමුවේ ජනපති කියයි විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක නවක වදය හේතුවෙන් සිසුන් කායික හා මානසික පීඩාවලට ලක්වීම ඉහළ ගොස් ඇති බවත් මේ නිසා විශ්වවිද්‍යාල තුළ නවක වදය වැළැක්වීම සඳහා අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේContinue Reading

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහසබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්Continue Reading

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පිරිසක් තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට පැවැත්වීම සැලසුම් කර තිබූ උද්ඝෝෂණයක් පොලීසිය විසින් අද (23) වළක්වනු ලැබීය. “යුතුකමේ ජන රැල්ල” ලෙස නම් කර තිබූ මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලමිනි. ත්‍රස්තවාදය වැළැක්වීමේContinue Reading

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (23) පස්වරු 4.30 සිට හෙට (24) පස්වරු  4.30 තෙක් එම නිවේදනය වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදෑසනContinue Reading

නඩත්තු කටයුතු හේතුවෙන් නතර කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (23) ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව තිබේ. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු නිහාල් වීරරත්න මහතා සඳහන් කළේ, මේ වන විට එම ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් බවය. ඒ අනුව එම ජනන යන්ත්‍රයෙන් උත්පාදනය කෙරෙන මෙගාවොට් 270කContinue Reading

වික්ටෝරියා ජලාශ වේල්ල ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ අවසරයකින් තොරව ඩ්‍රෝන යානාවකින් දර්ශන රූපගත කළ පුද්ගලයින් හත් දෙනෙකු යුද හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිගම සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් තෙල්දෙණිය පොලීසිය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.Continue Reading

එල්.ටී.ටී.ඊ ක්‍රියාකරකම්වලට සම්බන්ධ අධිකරණය මඟින් වරදකරු වු සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව ලබාදී තිබේ. බන්ධනාගාර ගතවී සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් 08ක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව එම විශේෂ සමාව ලබා දී ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. ඒ අනුව, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම්Continue Reading

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා සහ ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් විනෝද චාරිකාවල යෙදී සිටි පිරිස් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව පොලීසිය සදහන් කරයි. මුහුදේ ද රළු ස්වභාවයක් හට ගෙන තිබීම හේතුවෙන් ජනතාව ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකContinue Reading

මීගමුව, ආඬිඅම්බලම ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (23) සවස 2.30ට පමණ මීගමුව ඔරලෝසු කණුව අසල දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යම් කොල්ලයක් සිදුකර පළා යන අවස්ථාවේ දී පොලීසිය ඔවුන් පසුපස හඹා ගොස් ඇත. එහිදී යතුරුපැදියේ ගිය පුද්ගලයින් විසින් පොලීසියට වෙඩි තබා ඇති අතර, එයට ප්‍රතිප්‍රහාරContinue Reading