ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා දේපළ හානි කිරීම හා සොරකම් කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි. පසුගිය ජූලි මස 9 වනදා ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී සිදුවීම්වලදී කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු පිරිසක් මෙලෙසContinue Reading

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි. පසුගිය මැයි මස 10 වැනිදා කොල්ලුපිටිය පොලිස් වසමේ පෙරහැර මාවතේ මැටි පාර්ක් ක්‍රීඩාංගනය අසල දී එම පහරදීම සිදුවිය. අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම,Continue Reading

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් ඇත. ඒ අතරට එකතු වූ නවතම මිල වැඩි වීම වන්නේ ජල බිල්පත්ය. මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති අසේල සම්පත් සමඟ කළ සාකච්ඡාවකි මේ. l ජල බිල ඉහළ දැමීම සාධාරණ සහ කළ යුතුම දෙයක් කියල බලධාරීන් සඳහන්Continue Reading

අමෙරිකාවේ නාසා ආයතනයේ එතෙක් මෙතෙක් විශාලතම රොකට්ටුව සඳ වෙත යැවීමේ ඓතිහාසික අවස්ථාව ඊයේ සටහන් වීමට නියමිතව තිබුණද, අවසන් මොහොතේ අත්හිටුවීමට තීරණය කෙරිණි. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් 6.03ට රොකට්ටුව දියත් කිරීමට නියමිතව තිබූ මේ රොකට්ටුවේ ගමන හයිඩ්‍රජන් කාන්දුවක් හේතුවෙන් ප්‍රමාද කිරීමට සිදුවීContinue Reading

තරුණියන් 200කට වැඩි පිරිසකගේ ෆේස් බුක් ගිණුම් හැක්කර එම තරුණියන්ගේ අතීශය පෞද්ගලික ඡායාරූප සොරාගෙන එම ඡායාරූප ප්‍රසිද්ධකරන බවට තර්ජනයකරමින් විවිධ ලාභ ප්‍රයෝජන ගත් සිසුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ. කෑගල්ලේ පදිංචිකරුවකු වන එම සිසුවා උසස් පෙළ අවසන් කළ සිසුවකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරුContinue Reading

බස්නාහිර පළාතේ මඟී ප්‍රවාහන කටයුතු සිදු කරන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමේ කටයුතු සැප්තැම්බර් 1 දා සිට ආරම්භ කෙරෙයි. ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය මෙය ක්‍රියාත්මක කරයි. බස්නාහිර පළාතේ සියලුම මඟී ත්‍රීරෝද රථ හිමියන්ට www.wptaxi,lk වෙඩ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකි අතරContinue Reading

මෙම වසරට අදාළ සංශෝධිත අය – වැය කතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට අද ( 30) වැනිදා පස්වරු 1ට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව පාර්ලිමේන්තුව අද (30) පස්වරු 1ට රැස්වීමට නියමිත අතර පස්වරු 1 සිට 2 දක්වා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව පසුදින එනම් හෙට (31) පෙරවරුContinue Reading

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දේශීය හා විදේශීය ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1046ක් බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (29) අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මේ අතර ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම අන්තර්ජාතික බැදුම්කරයක් මගින් රජයේ ඇපකරයක්Continue Reading

අපොස උසස් පෙළ 2021 විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගෙන් 10,000ක් තමන් පෙනී සිටි ප්‍රධාන විෂයයන් තුනටම ‘A’ සාමර්ථ්‍ය ලබා ඇත. මෙය සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 3.67ක ප්‍රතිශතයකි. විෂයයන් තුනටම ඒ සාමාර්ථ්‍ය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 9,313ක් පාසල් අයදුම්කරුවෝ වෙති. මෙය විභාගයට පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 3.95කි. විභාග දෙ පාContinue Reading

වෙළඳපලේ පවතින තිරිඟුපිටි හිඟය හේතුවෙන් ඉදිරියේ දී පාන් ගෙඩියක මිල රුපියල් 300 දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.කිලෝග්‍රෑම් 50ක් බරැති තිරිඟු පිටි මිටියක මිල මේ වනවිට රුපියල් විසිදහස දක්වා ඉහළ ගොස් ඇත්තේ ඩොලර් අර්බුදයත් සමඟ තිරිඟු පිටි ආනයනය කිරීම සමාගම් විසින් සීමා කිරීම හේතුවෙන්.තිරිඟුContinue Reading