මහනුවර දිස්ත්‍රික්කයේ පර්යන්ත රෝහල් සංකේත වර්ජනයක් අරඹයි
සෞඛ්‍ය සේවකයන්ට නිසි පරිදි ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ පර්යන්ත රෝහල්වල අද දිනයේ සංකේත වර්ජනයක් සිදු කෙරෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහනුවර ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉරංග ද සිල්වා කියා සිටියේ, අද දිනයේ දී හදිසි රාජකාරි පමණක් සිදු කෙරෙන බවයි.Continue Reading











