නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ. විදේස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති බවය. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයකි. නේපාලයේ පැරණි ගුවන් තොටුපොළ සහ Pokhara ජාත්‍යන්තරContinue Reading

අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණුContinue Reading

එංගලන්තයේ ලන්ඩන් නුවර දේවස්ථානය ක් අසල සිදුකළ වෙඩිතැබීමකින් 6 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ධාවනය කරමින් තිබූ මෝටර් රථයක සිට එම වෙඩිතැබීම සිදු කර ඇති බව සඳහන් වෙයි. ඉන් 7 හැවිරිදි දැරියකගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය.Continue Reading

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ සිය කොමිසමේ තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවය. අදාළ ඉල්ලීම පිළිබඳවContinue Reading

බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ව ඝාතනය කිරීමට ඉරාන බලධාරීන් කටයුතු කර තිබේ. අලිරේසා අක්බාරි ව 2019දී ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ බ්‍රිතාන්‍ය ට ඔත්තු සැපයූ බවට චෝදනා කරමිනි. පසුව ඔහුට මරණ දඬුවම නියම කෙරිණි.Continue Reading

විෂ දුමක් ආඝ්‍රහණය වීමෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. අද (14) පෙරවරුවේ සේවකයින් කිහිපදෙනෙකු රෝහලේ කසළ බැහැර කිරීමේ කටයුතුවල නිරතව සිටියදී ගෑස් කාන්දුවීමක් සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය. එහිදී ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් 10දෙනෙකු ප්‍රතිකාර සඳහාContinue Reading

රුපියල් කෝටි 11 කට අධික රත්රන් තොගයක් සූක්ෂම ලෙස සඟවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කාන්තාවක් අද (14) කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත්වුණි. ඉන්දීය බුද්ධි අංශ මගින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත අද අලුයම එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි. ඇය ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි හරහාContinue Reading

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, එම ප්‍රමාණය 2021 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 46ක ඉහළ යාමක් බවය. 2021 වසරේ දෙසැම්බර් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 325.2ක්Continue Reading

හෙරොයින් තොගයක් සමග කාන්තාවක් මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මොරටුව කිලෝවියස් මාවත, මොරටුවැල්ල ප්‍රදේශයේ ඊයේ (13) සිදුකළ වැටලීමක දී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20යිContinue Reading

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් – ෂු මහතා ඇතුළු ඉහළපෙළේ නියෝජිත පිරිසක් අද (14) උදෑසන මෙරටට පැමිණියේය. දූත පිරිස එළඹෙන 18 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ඔවුන් චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් මුණගැසීමට නියමිතය.Continue Reading