බදුල්ල ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ලවූ හෙල්මට් ප්‍රහාරයේ CCTV දර්ශන ලැබී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් එක් අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රදේශයේ එළවළු වෙළෙඳසැලක් අසලට පැමිණි අවස්ථාවක මෙමContinue Reading

ඉරාන පොලිස් භාරයේ සිටියදී කාන්තාවක් මියයෑම සම්බන්ධයෙන් කෝපයට පත් එරට ජනතාව විරෝධතාවල නිරත වේ. ඉරානයේ කුර්දිස්ථාන් ප්‍රදේශයේදී මාසා අමිනි නම් කාන්තාව ටෙහෙරාන් පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේ මුස්ලිම් කාන්තාවන් හිස පළඳින හිජාබය නිවැරදිව නොපැළඳි බවට වූ චෝදනාව යටතේය. පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් දින තුනකට පසු ඇය මියගිය අතර බලධාරීන් පැවසූවේ ස්වාභාවික රෝගයක් හේතුවෙන්Continue Reading

රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ.        දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ පළමුවරටය.  රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතාකළ රුසියානු ජනාධිපති වරයා පැවසුවේ බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවය. තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත්Continue Reading

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ චෝදනා පත්‍ර ගොනුකිරීමකින් තොරව වසර එකහමාරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයට පත්කර සිටි සැකකරුවකු ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය. සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින්  පීඩාවට පත්කිරීම සඳහා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ආයුධයක් ලෙස යොදා ගැනීම සුදුසු නොවන බවත් මෙහිදී අභියාචනාධිකරණයContinue Reading

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ලබාදෙන උදව්වක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් 10,000කට රැකියා අවස්ථා ලබාදීමට මැලේසියාව තීරණය කර තිබේ. එරට කැබිනට් මණ්ඩලය විසින් අදාළ තීරණය අනුමත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් හලාවත මුන්නේෂ්වරම් කෝවිල වෙත පැමිණ දේව කන්නලව්වක නිරත වුණි. ඒ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිවය. ඉන් අනතුරුව, වෘත්තීය සමිති නායකයින් විසින් පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ධීවර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් හලාවත සහ මීගමුව ප්‍රදේශවලදී ක්‍රියාත්මක කර තිබුණි. එහිදී ඛනිජ තෙල්Continue Reading

කොළඹ වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව නීතිපතිවරයා අද (21) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුනි. ඒ, මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්ත අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේContinue Reading

ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරයට කලටිපොල් මද උලුප්පා ගෙන ආ බවට පුවතක් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලකින් වාර්තා වෙයි. මෙම ශිෂ්‍ය නායිකාව පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නියකි. ඇයගේ පියා කුලී රැකියාවල නිරත වන අතර මව රැකියාවක් නොකරන්නීය.Continue Reading

කොළඹ දාබරේ මාවත ප්‍රදේශයේදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබේ. ඔහු මෙසේ අහසට වෙඩි තබා ඇත්තේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී එහි සිටි පිරිස් පලවාහැරීමට බව පැවසේ. එම ගැටුම ඇති වී ඇත්තේ ඊට දින කිහිපයකට පෙර බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක දී ඇතිවූ ගැටුමක දිගුවක් ලෙසයි.Continue Reading

‘ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන් 38 දෙනෙක් පත් කරලා තියෙනවා. ඔවුන්ට වරප්‍රසාද ලැබෙන්නේ නැහැ කීවත් මං දන්නවනේ ලැබෙන බව’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය. ‘අද විදුලි බිල පූජක ස්ථානවලට ගෙවන්න බැරි මට්ටමක් උදාවෙලා තියෙනවා. ගම්වල තියෙන කුඩා පන්සල් වලට මේ මුදලContinue Reading