දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි “බන්දුල” නමැති අලියා අද අළුයම මියගොස් ඇති බව වාර්තා වෙයි. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයත් සමඟ දෙපා අප්‍රාණිකව බිම ඇදවැටීමත් සමඟ පශු වෛද්‍යවරුන් විසින් අලියාට ප්‍රතිකාර සිදුකර ඇතත් ඒ වනවිට එම සත්වයා මියගොස් සිට ඇති බව වාර්තා වෙයි. මිය යනවිට එම සත්වයාගේ වයස අවුරුදු 89කි.Continue Reading

එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සංවිධානය කළ උත්සවය අතර තුර විදේශ ඇමැති අලි සබ්රි මහතා සහ ජෝ බයිඩන් අතර හමුවක් සිදු විය. ජනාධිපති ආර්යා ජිල් බයිඩන් ද එම අවස්ථාවට එක් වූවාය. එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩලය ශ්‍රී ලංකාවContinue Reading

රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටසත් ලබන මස 04 දින සිට මහජනතාවට විවෘත කිරීමට සැලසුම්කර තිබේ. ශ්‍රී ලංකාවේ පළමු සෆාරි සත්ව උද්‍යානය වන මෙහි දැනට මහජනතාව සඳහා විවෘත කොට තිබෙන්නේ සෆාරි උද්‍යානයට නියමිත භූමි ප්‍රමාණයයෙන් කොටසක් පමණි. එහි අක්කර 34කින් සමන්විත වන දෙවන කොටස මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙසContinue Reading

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී 23 වනContinue Reading

පසුගිය වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි දෙසිය හැටක ආදායමින් රුපියල් කෝටි දෙසිය තිහක් සේවක අතිකාල වශයෙන් ගෙවා තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර් ලිමේන්තුවෙදී ඊයේ (22) ප්‍රකාශ කළේය. දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක වැටුප් සඳහා එම වසරේදී රුපියල් කෝටි හත්සියයක් වැය කර ඇති බවත් දුම්රිය ගාස්තු දෙගුණයකින් වැඩිContinue Reading

අනියම් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීමට කරන ලද යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව කියන තිස්හත් හැවිරිදි දෙදරු මවක් වන ඇඟලුම් සේවිකාවකට ඉතා අමානුෂික ලෙස පිහියකින් ඇන ඝාතනය කොට පයිනස් වත්තක සැඟ වී සිටි හතළිස් හත් හැවිරිදි සැකකරු ඊයේ 22 පාන්දර අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලිසිය පවසයි. එසේ ඝාතනය කොට ඇත්තේ අලවල හෑපනාකන්ද පදිංචිවContinue Reading

අද (23) දිනය තුළ ගල්අඟුරු තොගයක් සඳහා ඇණවුමක් ඉදිරිපත් නොකළහොත් ඔක්තෝබර් මස 28 වනදා සිට යළිත් දිනකට පැය 08 සිට 10 දක්වා කාලයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව වාර් තා වෙයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඒ බව පැවසීය. “28 වනදා වෙනකම් අපිට ගල්අඟුරු සංචිත තියෙනවා. ප්‍රශ්නයContinue Reading

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රාශියක් මතුවී දෙමාපියන්ටත්, ශිෂ්‍යයන්ටත්, ගුරුවරුන්ටත් දැඩි මානසික පීඩනයක් ඇතිවන තත්වයක් අදත් තිබෙනවා. කාලයක් තිස්සේ අධ්‍යාපනය පිළිබඳ වගකීම ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ පවුල් මත පටවා තිබුණා. ඊට අමතරව අවුරුදු දෙකහමාරක පමණ කාලයක් නිසි අධ්‍යාපනයක් සිදුවුණේ නැහැ. අධ්‍යාපනය කියන්නේ තොරතුරු හුවමාරුව සහ විභාග ක්‍රමයක් පමණක් නොවේ; සමාජානුයෝජන ක්‍රියාවලිය, ජීවිතයට මුහුණContinue Reading

මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය Datuk Seri M. Saravanan මහතා, මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර  එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්‍රයන්, ගිවිසුම් කාල සීමා, වැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය කිරීමට නියමිතවContinue Reading

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ පී.ටී.අයි පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව සමථයකට පත්කිරීමේ පියවරක් ඉස්ලාමාබාද් මහාධිකරණය අද (22) ප්‍රකාශයට පත්කර තිබේ.  ඒ ඉම්රාන් ඛාන් තර්ජනය කළ බව කියන විනිසුරුවරිය හමුවී සමාව ගැනීමට සුදානම් බව ප්‍රකාශ කිරීමත් සමගය.  රාජද්‍රෝහී චෝදනා මත පී.ටී.අයි පක්ෂ නායකයකු වන ෂබාස් ගිල්Continue Reading