ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අවශ්‍ය තරම් යුරියා පොහොර ලබා දී ඇති බව බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. දිවයින පුරා ඇති ගොවි ජන මධ්‍යස්ථානවලට, අමතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 5,100ක් ද ලැබීමට සළස්වා ඇති අතර අද (19) දිනය තුළ තවත් යුරියා මෙට්‍රික් ටොන් 1,000ක් බෙදා හැරීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.  කිසියම් ගොවිජනContinue Reading

රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරුමූණා’ නැමැත්තාව අද (19) යළිත් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගිය 14 වෙනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ඔහුව රඳවාගෙන මාස තුනක කාලයක් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුවය. ‘බූරුමූණා’ හංවැල්ල ප්‍රදේශයේContinue Reading

බලංගොඩ සේනක පෙදෙස, බලගහමුල ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති  වූ ගැටුමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. බීමතින් පැමිණි බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට සිදුකළ පහරදීමකදී එම ඝාතනය සිදු වී ඇති බව පොලීසිය පවසයි. බීමතින් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ මව, පියා සහContinue Reading

ලබන වසරේ ජනවාරි මාසයේ දී ජනතාව වෙත සුවිශේෂි විදුලි ගාස්තු සහනයක් ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. “රටේ අමාරුකම් මම පිළිගන්නවා. විදුලිබිල වැඩියි. ඉන්ධන මිල වැඩියි. මම කියනවා ජනවාරි 1 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න. දැන් ජූලි මාසයේ සංශෝධනයෙන් යම්Continue Reading

ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් අධික ලෙස රෝගී වී රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වුණි. මියගොස් ඇත්තේ මැණික් පතල් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්ය. ශාන්තිකර්මය සිදුකළ පුද්ගලයා එම කාන්තාවට රාත්‍රී කාලය තුළදී පමණක් තැඹිලි ගෙඩි 21ක් පොවා, ඉන් රෝගී වූ පසු කහ දියර ද පොවා ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී හෙළිවී ඇත.Continue Reading

ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශය මාස දෙකක කාලයක සිට අක්‍රීයව පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් මසකට රුපියල් ලක්ෂ 300ක පමණ පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමුකරන බවය. මුත්‍රා පරික්ෂණ, සෙම පිළිබඳව ක්ෂුද්‍රජීවවේදී පරීක්ෂණ, ප්‍රතිජීවක ඖෂධ සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ ඇතුළු පරික්ෂණ රැසක්Continue Reading

බදුල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු සැකකටුයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසිලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති. පසුගිය 08 වනදා මෙම සිසුවා මීගහකිවුල නගරයේ තොරණක් බැලීම සඳහා නිවසින් පිටත්ව ගොස් තිබුණි. එදින රාත්‍රීයේ 12ට පමණ මෙම තරුණයාගේ මවට ඔහුගේ දුරකථනයෙන්ම ඇමතුමක් ලැබී තිබුණේ,  10 කණුව, තල්දෙනContinue Reading

මිනුවන්‌‌‌ගොඩ, බොර‌ගොඩවත්ත ඔස්ටින් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (17) රාත්‍රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට එලෙස වෙඩිතබා ඇති බවය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මිනුවන්‌ගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරුකර යවා ඇති බව වාර්තාContinue Reading

බඹරකන්ද ඇල්ලෙන් ඇදවැටී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. අද (17) උදෑසන එම අනතුර සිදුවී ඇත. පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝද චාරිකාවකට පැමිණ සිටියදී පය ලිස්සා එම අනතුර සිදුවී ඇතැයි වාර්තා වෙයි. එසේ මියගොස් ඇත්තේ, පේරාදෙණිය සරසවියේ 03 වසරේ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි සසංක විකුම් විතාරණ නමැති සිසුවෙකි. සිද්ධියContinue Reading

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැංවීමේ අරමුණින් නීතිවිරෝධි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් කිඹුලාඇලේ ගුණා ඇතුළු මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසකට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා පත්‍ර ගොනු කර තිබේ. ඊයේ (16) දිනයේ අදාළ චෝදනා පත්‍ර ගොනු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එම පිරිසContinue Reading