සිය මිතුරන් පිරිසක් සමඟ ඔක්කම්පිටිය කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටින අයෙකි.  මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේ, ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. චිරන්ත දිල්ෂාන් රත්නායක නම් සිසුවෙකි.Continue Reading

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,186කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි. කිලෝගෑම්Continue Reading

දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය කඩිගමුව සහ රඹුක්කන දුම්රිය ස්ථානය අතර එලෙස පීලි පැනීමට ලක්ව ඇත. ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.Continue Reading

‍එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරය හිමිව තිබේ. රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා විසින් ආසියානු පැසිෆික් කාලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේContinue Reading

ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් , ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකිContinue Reading

කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට ඉඩ නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉකුත් දා ප්‍රකාශ කර ඇත. කැබිනට් අමාත්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ගේ විශේෂ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් සදුදා පැවතිContinue Reading

හෙට (04) දිනය වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීම මේ වනවිට අඛණ්ඩව සිදුකරන බවය. කෙසේවෙතත් ඉන්ධනContinue Reading

ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මිල සංශෝධනය සිදුවන ආකාරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවය. මේ අතර කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගම පැවසීය. පසුගිය මස 3වනදා ලිට්‍රෝ සමාගම සිදුකළ මිල සංශෝධනයේදී දContinue Reading

බුදුදහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු පිළිබඳව යළිත් අවධානයක් යොමුවී තිබේ. ඒ ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා මෙරටට පැමිණ සිටින බවට වාර්තාවීමත් සමගය. දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ඊයේ (02) රාත්‍රි 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබේ. ඒContinue Reading

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරෙන් පුද්ගලයින් 288දෙනෙකු මියගොස් තවත් 900කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. අදාළ අනතුර සිදුවී තිබුණේ දුම්රිය 03ක් එකිනෙක ගැටීමෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් සිදුවූ පුද්ගල මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවය. ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේදී මෙම මාරාන්තික දුම්රියContinue Reading