වලහපිටිය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණ සිටි 39 හැවිරිදි තිදරු මවක හදිසියේ රෝගාතුර වී  ඇද වැටී මිය ගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කුඩාවැව කලිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ ඩී ඒ දිල්රුක්ෂි අප්සරා නැමැති තිදරු මවකි . මියගිය කාන්තාවට අවුරුදු 12ක දContinue Reading

දිවයිනේ සියලූම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනවල හෝ ඇක්සල් දෙකක් සහ රෝද 06ක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 50කින් ඉහළ දමා ඇති බව සඳහන්ය.Continue Reading

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක්ව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දින කරුංගාලේ මාර්ගය අසල දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවය. රුමේනියාවේ රැකියා ලබාදෙන පවසා එම තැනැත්තා විසින් රුපියල් 5,050,000ක මුදලක් වංචා කර ඇතැයි පොලීසියට අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුContinue Reading

කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස ගෙල කපා ඝාතනය කර සිටි දෙදරු මවකගේ සිරුරක් සොයාගත් බව කළුතර උතුර පොලීසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ පදිංචිව සිටී වික්‍රමාරච්චිගේ ප්‍රේමවතී නැමැති කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේය. අද (27) අලුයම නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව එම කාන්තාව වැටී සිටිනContinue Reading

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට සහ පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ සඟවා තබා ගැනීමට යොදා ගත් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධන් හෑරීමට හවුල් වූ බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු ඇතුළු තිදෙනකු  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙසේContinue Reading

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත්කළ නීති විශාරද කමිටුව විසින් එහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයContinue Reading

ශ්‍රි ලංකාවට කිළෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම මහතා පවසයි.    ඔහු සදහන් කළේ මෙම අවදානම හේතුවෙන් මෙරට තුළ භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවක් ද මතුව ඇති බවය.  අද කොළඹදී කැඳවා තිබූContinue Reading

තරුණ අයිතිවාසිකම් සාමූහිකය විසින් අද දින (26) බොරැල්ල හන්දියේදි විරෝධතාවයක් ආරම්භ කර ඇත. තරුණ අපේ අත් පා බැඳ දමන, සමාජය ගොළුවන් බිහිරන් කරන ත්‍රස්ත විරෝධී පනත හකුළාගනිව් යනුවෙන් රජයට විරෝධය දක්වා එම විරෝධතාවය පවත්වනු ලබයි.Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් පාර්ශවවලින් ඩොලර් බිලියන 07ක මුදලක් ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එළඹි ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය අද (26) ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ එය සම්මත කරගැනීම සඳහා සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙසය.Continue Reading

සමාජවාදි තරුණ සංගමය හා පරිසර සංවිධාන විසින් අද දින (26) අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ x – press pearl නෞකාවෙන් ලැබිය යුතු වන්දි මුදල රජයට ලැබීම වළක්වමින් නැව් සමාගමෙන් අල්ලස් ලබාගැනීමක් සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරමින්යContinue Reading