ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලිපියක් මගින් එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට දැනුම් දී ඇත. ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳීම් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් සඳහන් කර තිබේ. ජ්‍යෙෂ්ඨContinue Reading

මෙරට සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා වූ ගිවිසුම්වලට එළඹීමට සහ මෙහෙයුම් ආරම්භ කිරීමේ කටයුතු සඳහා Sinopec නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම කණ්ඩායමේ තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් ද සිටින බවය. එම කණ්ඩායම සහ අමාත්‍යවරයා අතර විශේෂContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “විදේශ බැංකු මුල්‍ය ආයතනවල විශ්වාසය අපි දැනටම ලබාගෙන තියෙනවා. දැනටම ආර්ථික ස්ථාවරභාවය ඇති වී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයින් ලංකාව දිහා බලනවා. 16 වතාවක් IMF ගිවිසුමට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් කරේ නෑ.Continue Reading

සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව බේරාගත් බව විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. ඔහු පැවසුවේ සුඩානයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකුගේ තොරතුරු ලැබුණු බවත් ඉන් 13 දෙනෙක් බේරාගත් බවත්ය. ඉතිරි පිරිස ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයාContinue Reading

නීතිඥවරයෙකුගේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයාට වසදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක 5ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා නියෝග කළේය. මෙලෙස ඇප මත මුදා හැරියේ මත්තේගොඩ, ඇල්විටිගල මාවත පදිංචි නීතිඥවරියකි. අදාළ නීතිඥ මහතා ඉකුත් 12Continue Reading

කරදියනාරු ප්‍රදේශයේ නිධන් හෑරීමට යමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි. අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මිරිහාන පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙකිContinue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. ගාල්ල සහContinue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහ මහතාවද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඔහු රචනා කළ, “නවය, සැඟවුණු කථාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී මේ බව පැවසීය. ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල්Continue Reading

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා දායකත්වය ලබාදීමට තීරණය කළ ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පවසයි.  ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද පැවති එම සංගමයේ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවය.Continue Reading

අයර්ලන්ත කණ්ඩායම එරෙහිව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 81ක් රැස්කරගැනීමට සමත්විය. එහිදී නිශාන් මදුෂ්ක හතරේ පහර 6ක් සමඟ ලකුණු 41ක් සහ නායක දිමුත් කරුණාරත්න හතරේ පහර 6ක් සමඟ ලකුණු 39ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටී. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමContinue Reading