මාර්ගයක් අසල දී පොලිස් නිලධාරියෙක් ට පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහරදීමක් සිදුකර තිබේ. මිහින්තලේ සියඹලාගස්වැව ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී ඇත. පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.Continue Reading

මේ වනවිට රූපලාවන්‍යාගාර සියයට 90ක් පමණ වසාදැමෙන තත්ත්වයකට පත්වී තිබෙන බව රූපලාවන්‍ය ශිල්පීන් පවසයි. ආනයන සීමා පැනවීම හේතුවෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට එල්ලවී ඇති බලපෑම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (23) පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී අපෝන්සු ඒ බව පැවසීය, “රූපලාවන්‍යාගාර සියයට 90ක් වැහෙන තත්ත්වයට පත්වෙලා. ඒකට හේතුවContinue Reading

තමාගේ එකම දේපළ පවා ගිනි තබපු අවස්ථාවේදී ජනාධිපතිවරයා බුදු දහමට අනුව කටයුතු කළ බව ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය උඩවෙල කෝලිත හිමියන් පවසයි. ඊයේ පැවැති උත්සවයකදී පූජ්‍ය උඩවෙල කෝලිත හිමියන් ඒ බව පැවසීය. කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ කිරිගරුඬ චෛත්‍ය රාජයාණන් වහන්සේ නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සිදුකෙරුණි. මෙම කිරිගරුඬ වෛත්‍යයContinue Reading

කොට්ටාව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ද පාසැලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු බීමතින් පාසලට පැමිණ කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි. බීමතින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා සිය යතුරු පැදියෙන් පිටව යාමට උත්සාහ කිරීමේ දී පාසල් භූමිය තුලම ඇද වැටී ඇත. පාසලේ පසුගිය 20 වැනිදා සිංහබාහු නාට්‍ය දර්ශන වාර දෙකක් ප්‍රදර්ශනය කර ඇති අතර ඉන්Continue Reading

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු සතු තිබූ ගජමුතු 08ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදිය. ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.Continue Reading

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් මගී ප්‍රවාහන බස් රථයක පසුපස රෝද දෙකම ගැලවී ගොස් අනතුරක් සිදුව ඇත. දොඩන්ගොඩ සහ වැලිපැන්න පිවිසුම් අතර ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත. එම බස් රථය විශාල මගින් ප්‍රමාණයක් සහිතව ගමන් කර ඇත්තේ කතරගම සිට කොට්ටාව දක්වා ය. බස් රථයේ රෝද දෙක ගැලවුණු පසු ද කිලෝමීටරContinue Reading

බොරලැස්ගමුව, බොරුපන පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. අදාළ කාන්තාවගේ හිතවතෙකු විසින් සාදයක් සඳහා පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර ඒ අනුව ඇය සිය සැමියා ද සමග සාදයට යෑම සඳහා බොරුපන පාලම අසලට පැමිණ සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. එම ප්‍රහාරය එල්ලවී තිබුණේ ඊයේ (23) රාත්‍රියේදීය.Continue Reading

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කර තිබේ. ඊයේ (23) දිනයේ 07% ක ප්‍රමාණයකින් අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඩොලර් 86ක ප්‍රමාණයක පැවැති බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන් විය. පසුගිය දෙසැම්බර් මාසයට පසුව අඩුම බොරතෙල්Continue Reading

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ පුත්‍රයකු ඇතුළු තිදෙනෙකු හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මනම්පිටිය පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 23 සහ 40 යන වයසේ පසු වූ අය බවයි. මන්ත්‍රීනියගේ පුත්‍රයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවකයෙකු බව ද පවසන පොලිසිය අනෙක් සැකකරුවන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද සඳහන් කරයි.Continue Reading

වන සංරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තුව විසින් අලුතින් සීමා සලකුණු කොට අත්පත් කරගෙන සිටි උතුරු පළාතේ ඉඩම් අක්කර 5,000කට අධික ඉඩම් ප්‍රමාණයක් මහ කන්නයේ වී වගා කිරීම සඳහා එම පළාතේ ගොවීන් වෙත නිදහස් කිරීමට කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා එකඟතාව පළ කර ඇත. උතුරු පළාතේ කිලිනොච්චි,Continue Reading