දකුණුදිග පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, එම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 06යි දශම 07ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව බලධාරීන් සඳහන් කර ඇත. භූ කම්පනය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර, ඉන් සිදුContinue Reading

ගාසා තීරය උතුරු කොටසේ ගාසා නගරයේ පිහිටි අල් ෂිෆා රෝහලේ තුන් වැනි දිනටත් ප්‍රහාරක සහ සෝදිසි මෙහෙයුම් සිදු කරන ඊශ්‍රායල හමුදා, රෝහල් පරිශ්‍රයේ තිබූ හමාස් උමං පිවිසුමක් සොයාගත් බව ප්‍රකාශ කළේය. අල් ෂිෆා රෝහල පිටත එළිමහනේ පිහිටි උමං පිවිසුමක් දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කර තිබූ අතර, එසැණින් එයContinue Reading

ඊශ්‍රායල් – හමාස් යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කර තිබේ. ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආධාර ලබාදීම වෙනුවෙන් මෙම සටන් විරාමය ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිවේදනය කර ඇත. එමෙන්ම දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්වලදී ජාත්‍යන්තර නීතිවලට අනුකූල වන ලෙසදContinue Reading

ටික්ටෝක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබේ.   චීන සමාගමක් ටික්ටෝක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය දරයි. සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහි කාර්යාලයක් තම රට තුළ විවෘත කළ යුතු බවට නව රීතියක් නේපාලය පසුගියදා ක්‍රියාත්මක කළේය. ටික්ටෝක් සමාජContinue Reading

දීපාවලි සැමරුමත් සමඟ ඉන්දියාවේ වායු දුෂණය තව තවත් ඉහළ ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (12) රාත්‍රියේ දීපාවලි සැමරීම සඳහා රතිඤ්ඤා පුපුරවා හැරීම සහ ගිනිකෙළි පැවැත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවය. පසුගිය සති කිහිපය පුරා ඉන්දියාවේ දිල්ලි අගනුවර පවතින වායු දුෂණ හේතුවෙන් එහි ජනතාව දැඩි අපහසුතාවයට මුහුණදෙමින්Continue Reading

ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුළ සිය මෙහෙයුම් වැඩිකර ඇති බව වාර්තා වෙයි. මේ වනවිට ඊශ්‍රායල හමුදාව ගාසා සිටි හි දකුණු වෙරළ තීරය දක්වා සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති අතර ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසන්නේ ගාසා තීරය උතුර සහ දකුණ ලෙස වෙන්කර ඇති බවයි. සටන් දරුණු වන අවස්ථාවක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනීContinue Reading

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජෝර්දානයේදී පැවැත්වෙන එම සාකච්ඡාවට කටාර්, සෞදි, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම පලස්තීන නියෝජිතයෙකු ද සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි. ගාසා තීරයේ හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී අවධානයContinue Reading

ඊශ්‍රායල හමුදාව මේ වනවිට ගාසා තීරයේ ගාසා නගරය වට කරමින්, හමාස් සටන්කාමීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි. ‘අප දැන් ඉන්නේ යුද්ධයේ උච්ඡතම ස්ථානයේ. අපගේ හමුදා හමාස් සටන්කාමීන් සොයමින් කෙමෙන් කෙමෙන් ගාසා තීරයේ පළාත් සහ නගර පීරනවා. දැන් අප ගාසා නගරය වට කර අවසන්’ යැයි ඊශ්‍රායල අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසාContinue Reading

ඊශ්‍රායල – හමාස් ගැටුම මැදපෙරදිග කලාපය පුරා පැතිරුණ හොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 150ක් දක්වා ඉහළ යා හැකි බව ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. එහි දී ලොවපුරා ඉන්ධන මෙන්ම ආහාර වර්ගවල මිල ගණන් ද ඉහළ යා හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භයේ දීContinue Reading

ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි. පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවය. ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායලContinue Reading