බොරැල්ලේදී වෙඩිවැදී මියගියේ මේජර් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිටි අයෙක්
බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේදී නාඳුනන තුවක්කරුවකු විසින් ඊයේ (20) උදෑසන සිදුකල වෙඩිතැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිට නිදහස් වූ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. ඊයේ පෙරවරු 6 ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදීය.Continue Reading











