රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. රජය විසින් මීට පෙර සඳහන් කළ පරිදි DAT දීමනාව ජනවාරි මාසයේ සිට ලබානොදීමට තීරණය කර ඇති බවට ලද තොරතුරකට අනුව එම සංගමය මෙම තීරණය ගෙන ඇත.Continue Reading

ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ සීදූව අමන්දොළුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව අද (21) විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ. අදාළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අයිතිකරු ද බන්ධනාගාර නිලධාරීන් විසින් එම ස්ථානයට කැඳවා සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. එහිදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවේ දී පරිගණක දත්ත ගබඩා 08ක්, ආරක්ෂක කැමරා පද්ධතියේ දත්තContinue Reading

බොරැල්ල, සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ වැසිකිළි පද්ධතිය අසළ වළ දමා තිබූ ගිනිඅවි වර්ග දෙකකට යොදන ජීව උණ්ඩ 15 ක් හමුවී තිබේ. ටී 56  ගිනිඅවි වලට හා එම් 16  ගිනිඅවි වලට යොදන ජීව උණ්ඩ බව බොරැල්ල පොලිසිය කියයි බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් මහල් නිවාසවල පදිංචි පුද්ගලයකු කොළඹ මහ නගර සභා සේවකයින්Continue Reading

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. Continue Reading

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 වසරේ නොවැම්බර් මාසයේදී උද්ධමනය සියයට 2.8ක් ලෙස සටහන් විය. මේContinue Reading

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීම ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. සම්පූර්ණ නිවේදනය පහතින්,Continue Reading

දෙහිඕවිට දිගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොරවකින් හා ගල්ඉන්නකින් පහර දී ඝාතනය කර ඇත. ඊයේ (21) සවස මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 42 ක්වූ දිගල දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා බීමත්ව පැමිණ සිය සහෝදරිය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇයට පහරදීමක් සිදුකර තිබේ. පසුව ඇගේ ස්වාමි පුරුෂයා පැමිණ මෙමContinue Reading

කොළඹ ප්‍රදේශයේ රථවාහන වැරදි සිදුකරන රියදුරන් CCTV කැමරා ඔස්සේ හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අද (22) සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි. ඒ අනුව අද සිට එළඹෙන 31 වනදා දක්වා එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී හඳුනාගන්නා මාර්ග නීති කඩ කරන රියදුරන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමයContinue Reading

විශ්ව බුද්ධ යන නාමයෙන් පෙනී සිටිමින් බුද්ධාගමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත වරක් අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේරභාවයෙන් නෙරපීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නා හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම්දී තිබේ. පසුගිය දෙසැම්බර් මස 15 වනදා පැවතිContinue Reading

මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ දුරකථන අලෙවිසැලක් තුළදී සිදුකළ වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය පොලීසිය සොයාගෙන තිබේ. තිහගොඩ පොලිස් වසමේ නාඳුගල වේල්ල බෑවුම් ප්‍රදේශයක අත්හැර දමා ගොස් තිබියදී එම යතුරුපැදිය සොයාගෙන ඇත. යතුරුපැදිය සොයාගන්නා අවස්ථාවේදී එහි අංක තහඩු සහ බැටරිය ගලවා ඉවත්කර තිබී ඇත. මේ අතර යතුරුපැදිය හමුවී ඇති ස්ථානයේ තිබී සැකකරුවන් හැඳContinue Reading