වාලච්චේන පොලිස් වසමේ ඕමනියා මඩු දෙසට ඇති අතුරු මාර්ගයක ධාවනය වූ ජල බවුසරයකට යටවීමෙන් 6 හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (29) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එම ජලබවුසරය මාර්ගයේ නවතා පසු පසට ධාවනය කිරීමේදී පිටුපසින් පැමිණි පාපැදියේ ගැටී එම අනතුර සිදුව තිබුණි. පාපැදියේ ළමුන් දෙදෙනෙකුContinue Reading

නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි. මේ අතර අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බව ද අමාත්‍යවරයා දැනුම්දී තිබේ. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉන්ධන මිල සංශෝධනයක්Continue Reading

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් අද උදෑසන 5ත් 6ත් අතර කාලය තුළදී මාර්ගයේ පෙරළීමෙන් එම අනතුර සිදුව ඇත. පොලීසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුContinue Reading

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මානසික රෝගියෙකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායකයින් සිව්දෙනෙකු ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.  රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවේ එය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු වී ඇති බැවින් ඊට සම්බන්ධ සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ වැඩ තහනම් කර ඇති බවය. අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාරContinue Reading

ශ්‍රී ලංකාව සහ ජපානය අතර නව ගිවිසුමකට අත්සන් තැබූ බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසයි. ඒ අනුව ජපාන විශ්වවිද්‍යාලවලදී මෙරට රාජ්‍ය අංශයේ තරුණ විධායක නිලධාරීන් පුහුණු කිරීම සඳහා ඉන් අවස්ථාව හිමිවෙයි. දෙරට අතර අත්සන් තැබූ ගිවිසුමට අනුව අදාළ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 611ක ප්‍රදානයක්Continue Reading

සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ නමැත්තාගේ අනුදැනුම මත අපරාධයක් සඳහා ගිය පිරිසක් භාවිත කළ තවත් මෝටර් රථයක් සොයාගෙන තිබේ. ඒ, සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි. ඒ අනුව අදාළ මෝටර් රථය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ. වැලිපැන්න ප්‍රදේශයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසක් කොල්ලකෑම සඳහා මෙම රථය භාවිත කර ඇති බව හෙළිවී ඇත. Continue Reading

ප්‍රදේශ දෙකක සිදුවූ වන අලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. එක් පුද්ගලයකු ඉඟිනියාගල කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවකදී වන අලියකු පහරදීමෙන් මියගොස් ඇත. මියගොස් ඇත්තේ, 39 හැවිරිදි අම්පාර පරගහකැලේ පදිංචි අයෙකි. මේ අතර හඳුන්ගොඩ, හිඹිලියාගොඩ ප්‍රදේශයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි  69 හැවිරිදි අයෙකුද වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතිContinue Reading

ව්‍යාජ ඔප්පු මඟින් ඉඩම් දෙකක් පවරා ගැනීමේ සිද්ධීන් දෙකකට හා ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15ක් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවකු පෙරේදා (27) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 72ක මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ නිවසේ තිබී අන්සතු විදේශ ගමන් බලපත්‍රයක්, රියදුරු බලපත්‍ර 11ක් ජාතික හැඳුනුම්පත්Continue Reading

උඩප්පුව ප්‍රදේශයේ පාසලක ගුරුවරියකගේ රුපියල් ලක්ෂ 22ක් වටිනා රන් තැල්ල සොරකම් කළ එම පාසලේම ගුරුවරියක් අද(28) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රන් තැල්ල හිමි ගුරුවරියගේ ගෙල ප්‍රදේශයේ ඇතිවූ කැසීමක් හේතුවෙන් ඇය රන් තැල්ල ගලවා මුදල් පසුම්බියට දමා ඉගැන්වීම් කටයුතු කර ඇත. එම අවස්ථාවේ විදුහල්පතිවරයා කළ කැඳවීමක් මත ඇය පංති කාමරයෙන්Continue Reading

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පවසන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා පොලීසිය සහ නගරසභා ගිනි නිවීමේ ඒකකය කටයුතු කරමින් සිටින බවය. මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ කර්මාන්තපුරය තුළ පිහිටි කර්මාන්තශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවටය.Continue Reading