බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40කContinue Reading

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ. අදාළ මුදල ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමග අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. අස්වැසුම සුබ සාධන ගෙවීමට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනContinue Reading

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරනය අද (25) නියෝග කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එම අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට නියෝග කෙරුණි.Continue Reading

විදේශ විනිමය ගැන මහ බැංකුවෙන් විශේෂ තීරණයක් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම් සහ අත්හිටුවීම් ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නියෝග කිහිපයක් නිකුත් කර තිබේ. ඊට අදාළ සාරාංශය පහතින්Continue Reading

උතුරු-දකුණු සහෝදරත්වය විසින්, 1983 ‘කළු ජූලිය’ හී මරාදැමූවන් සිහිකරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් අද (23) බොරැල්ල සුසාන භූමිය ඉදිරියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ‍ අතර, පසුව එය ආරම්භ වීමත් සමග දකුණු ජනතාව විසින් එයට දැඩි විරෝධතාවයක් එල්ල කරන ලදී. අනතුරුව දෙපිරිස අතර උණූසුම් තත්වයක් හට ගෙන ඇති බවට වාර් ථා වේ.Continue Reading

නාඳුනන පිරිසක් විසින් උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අද (23) අලුයම වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ගින්නෙන් තුවාල ලැබූ පිරිස අතර තෝනික්කල් ප්‍රදේශයේContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසට ය. මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේContinue Reading

තවත් මවක් සහ කුඩා දැරියක් අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. හඟුරන්කෙත පොලීසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇත. එලෙස අතුරුදන් වී ඇත්තේ, හඟුරන්කෙත, හෝප් වතුයායේ පදිංචි 20 හැවිරිදි මවක් සහ අවුරුද්දයි මාස 08ක් වයසැති කුඩා දැරියකි. ඔවුන් පෙරේදා (20) අතුරුදන්වී ඇති බවට අදාළ කාන්තාවගේ මව විසින් හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක්Continue Reading

ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් එකකයක් ලෙස ඉන්දීය මුදල් භාවිතයට අවසර ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අතර සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරයේදී පැමිණි එකඟතා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අද (22) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.Continue Reading