ජීවන බර ඇමති බර දරන්න බැහැ ,අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල බඩු මිල වහා අඩුකරන ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 15 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය. එහිදී ඔවුන් කියා සිටියේ කිරි, බිත්තර, මස්, මාළු මිල ඉතා අධික බවත් දරුවන්ට නිසි කෑම වේලක් ලබා දීමට නොහැකි වීමෙන් ඇත්තContinue Reading

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළේ ඉදිකිරීමට නියමිතව තිබූ බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඉදිකිරීමට නියමිතව තිබූ එම බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය සඳහා වැය කිරීමට නියමිතව තිබූ සම්පූර්ණ මුදල බිලියන 10කි. එම බහුමාදිලි මගී පර්යන්තය ඉදිවීමෙන් පසු බස් සහ දුම්රියContinue Reading

ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා එදින පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. එම නිවාඩුව රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද ලබා දෙන බව එම අමාත්‍යංශය කියයි. දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන ලබන සඳුදා හෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.Continue Reading

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ට දක්‍ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී අද (15) සිදුකෙරිණි. මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ගණිත, ජීව විද්‍යා, වානිජ, කලා, ඉංජිනේරු තාක්‍ෂණවේදය සහ ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරා යටතේ දිවයිනේ පළමු, දෙවන හා තෙවන ස්ථාන දිනාගත් සිසුContinue Reading

බේරුවල මාගල්කන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු අද (15) දහවල් දියේ ගිලී මියගොස් ඇති අතර, එක් තරුණයකු රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්.ප්‍රභානු කෞෂල්‍යය සහ චලන දිල්ශාන් නැමති 19 සහ 20 වියැති දෙදෙනකු බවත්, රෝහල් ගතකර ඇත්තේ 18 හැවිරිදි තරුණයකුContinue Reading

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවකවදයට පක්ෂ හා විරුද්ධව සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එම විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ දෙවන හා තෙවන වසර වල  සිසුවියන් දෙදෙනකු සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි . විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව අසලදී ඊයේ (14) සවස මෙම ගැටුම සිදුව Continue Reading

ශ්‍රී ලංකාවේ වන අලි ගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ වන අලි ගහනය  සඳහන් වුයේ  5600ක් වශයෙනි. නමුත් මෑතක දී සිදු කළ ගණනය අනුව මෙරට වන අලි ගහනය 7000 ඉක්මවා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව  කෘෂිකර්ම , වනජීවී හා වන සම්පත් සංරක්ෂණContinue Reading

සීදුව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අභිරහස් අපවත්වීම සම්බන්ධයෙන් සැකපිට එම විහාරයේ වැඩ වාසය කළ තවත් හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ හිමිනම අද අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා යාමට උත්සාහ ගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. එම විහාරස්ථානය අවට දුර්ඝන්ධයක් ඇති බවට පොලීසියට කළ දැනුම්දීමකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදීContinue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර “වෙලේ සුදා” දැඩි ආරක්ෂාවක් මැදContinue Reading