අරගලයට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය හකුලා ගන්නා ලෙසත් හදිසි නීතිය හකුලා ගන්නා ලෙසත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යන ලෙසත් ඉල්ලමින් ගෝල්ෆේස් අරගලකරුවන් ගෝඨා ගෝ ගම ගෝල්ෆේස් අරගල භූමිය ඉදිරිපිට අද(3) පස්වරුවේ උද්ඝෝෂණයේ යෙදී සිටි අවස්ථාව.Continue Reading

මව්බිම ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ස්ථාවර කිරීමේ පවිත්‍ර අරමුණ උදෙසා මේ මොහොතේදී පක්ෂ, පාට, ජාති, ආගම් මත භේදයන් පසෙකලා, දිනෙන් දින මිය යන මාතෘභූමියේ නාමයෙන් එක්සත්ව එක්සිත්ව එක්වන ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව අද (03) දින ශ්‍රී ලංකා පදනම් ආයකනයේදී මාධ්‍ය හමුවක් අමතමින් ලක් ජනතා පවුර සංවිධානයේ් කැදවුම්කරුContinue Reading

මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය රැසක් මේ මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා ධාවනය කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය. සාමාන්‍ය දුම්රියන්ට අමතරව මෙම දුම්රියන් ධාවනය කරන බවත් කොළඹ කොටුවේ සිට මහනුවර සහ මහනුවර සිට කොළඹ කොටුවට එම දින පහේදී පෙරවරුවේ සහ පස්වරුවේContinue Reading

පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 දා  පැවති උද්ඝෝෂණය අතරතුරදී පොලිස් ත්‍රිරෝද රථයකට පහර දී එහි තිබූ කඳුළු ගෑස් උණ්ඩ හා කඳුළු ගෑස් අත් බෝම්බ පැහැර ගත්තැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා අදContinue Reading

ගාල්ල කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගොඩනැගිල්ලක අද (3) සවස ඇතිවු ගින්නකින් එම ගොඩනැගිල්ලට සහ උපකරණ රැසක් විනාශයට පත්විය. මෙකාට්රොනනික්ස් විද්‍යාගාරයේ (රොබෝ තාක්ෂණික )මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් සිසුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව ගාල්ල පොලිසිය කියයි.  ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතුContinue Reading

බන්ධනාගාර නිළධාරීන්ට හා බන්ධනාගාරගත රැදවියන්ට කොවිඩ් මර්දන එන්නතේ සිවුවන මාත්‍රාව ලබාදිම ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. රට තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බැවින් බන්ධනාගාර තුළ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවුරුදු 60 ට වැඩි රැඳවියන්ට සහ මෙතෙක් කිසිඳු මාත්‍රාවක් ලබාගෙන නොමැති රැඳවියන්ටත්, තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති බන්ධනාගාරContinue Reading

කලාවැව රක්ෂිතයට සහ ඒ අවට පරිසරයට ගාම්භීරත්වයක් සහ සුන්දරත්වයක් එක් කරමින් වසර ගණනාවක් තිස්සේ එම ප්‍රදේශවල සැරි සැරූ බරණ නමින් ප්‍රචලිත දළ ඇතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් කොස්තාපල්වරයකු බවට හඳුනා ගෙන ඇතැයි ගල්කිරියාගම වනජීවි කාර්යාලය සඳහන් කරයි. අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු දැනට සේවය කරමින් සිටිනContinue Reading

කොළඹ 07 මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාාර්යාලයට ඉකුත් (13) දින කඩා වැදී එහි දේපළ වලට අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් හදුනාගෙන ඇති සැකකරුවන් කිහිපදෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සදහා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. සිද්ධියේ නිවැරදි අපරාධකරුවන් හඳුනාගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සදහා පොලිස් මුලස්ථානය මෙම පුද්ගලයන් ගේ ඡායාරූප රැසක් ඡායාරූපContinue Reading

පාසැල් ඇරී නිවසට පැමිණෙමින් සිටි අවුරුදු දහයක් පමණ වයසැති දැරිවියක පාළු හේනක පිහිටි පැලක දැත් දෙපා ගැට ගසා තිබියදී එම දරුවා බේරා ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයට ඇතුළත් කළ බව  කල්ලංචිය පොලීසිය පවසයි. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ රොටවැව, සීප්පුකූලමේ පදිංචි පස් වැනි වසරේ ඉගෙනුම ලබන දැරියකිContinue Reading

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදු විය. මෙහිදී රාජාසන කතාව කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ  ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙන ලෙස සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලින් ඉල්ලීමක් කරන බවයි තමන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා බවත් සමාජයේ සියලුමContinue Reading