මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.Continue Reading

වැලිකන්ද, කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 500-600ක් අතර ප්‍රමාණයක් ඉන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව ප්‍රකාශ කර සිටිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේ දී සැකකටයුතු ලෙස මියගොස් ඇති බවත් ඉන්Continue Reading

ඉන්දියාවේ ජනප්‍රිය ගායක කේ කේ නොහොත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (31) කොල්කටා හි පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී පැය කිහිපයකට පසු ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අදාළ ප්‍රසංගය අවසන් කර ඔහු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරය වෙත ගොස් ඇති අතර පසුව එම කාමරයේ ඔහු ඇදවැටී මියගොස්Continue Reading

ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් අංශභාග රෝගී තත්ත්වයකට මුහුණදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් සටහන් කරමින් ජනප්‍රිය ගායකයා තමන් මුහුණ දී සිටින එම රෝගී තත්ත්වය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදුකර තිබුණා. Ramsay Hunt syndrome යනුවෙන් හඳුන්වන එම රෝගී තත්ත්වය හේතුවෙන් තමාගේ මුහුණේ අර්ධයක්Continue Reading

ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සදහා සුදුසුකම් ලැබු ශ්‍රි ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරණ “ශ්‍රි ලංකා විවාහක රූ රැජින නාමය” ඊයේ (8) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට විවාහක රූ රැජින සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පියවර ගෙන ඇත. තම සංවිධානයට පැවරීContinue Reading

සෞඛ්‍ය සේවයේ වෘත්තීන් 8ක් හෙට (29) සහ අනිද්දා (30) සම්පූර්ණයෙන්ම සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ සිය ඉල්ලීම්වලට පිළිතුරු නොලැබුණ හොත් ලබන සඳුදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවය. අද (28) පැවති මාධ්‍ය හමුවකදී උපුල් රෝහණContinue Reading

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.  ගැසට් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අනුමැතිය හිමිවූ බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කළේ. ඊට අනුමැතිය හිමිවී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි. Continue Reading

දුම්රිය ධාවනය අද දිනයේදී සාමාන්‍ය කාලසටහනට අනුව සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.  පෙර දිනවල පැවති ආකාරයෙන්ම අද උදෑසන කාලයේ බස් ධාවනය සිදු වන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළේ. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි ධාවන කටයුතු සම්බන්ධයෙන් තීරණයක්Continue Reading

විදුලි ගාස්තුව ඉහළ දැමීම සියයට 57 කට නොවැඩි වියයුතු බවත් එම යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට තීරණය කළ බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. ලංකා විදුලිබල මණ්ඩලය සියයට 82 ක ගාස්තු ඉහළ දැමීමකට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැති ඉල්ලා ඇති බව කී රත්නායක මහතාContinue Reading

නීති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 54 දෙනෙකු මඩකලපුව පාලමින්මඩු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය කාලය පුරා ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධීව සංක්‍රමණයවන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් නාවික හමුදා වැටලීම් ඉහළනැංවීමටයි පියවර ගෙන තිබුණි.  ඉකුත් 01 වැනිදා සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහContinue Reading