පුස්සැල්ලාව හෙල්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු සහ 70 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.Continue Reading

දිඹුලපතන කොටගල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එහි සිටි කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ නිවසේ කාමරයක් තුළ ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් පිළිසුම් තුවාල ලැබූ කාන්තාව කොටගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය. මියගොස් ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන් වෙයි.Continue Reading

අලුත් අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍යට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විදුලි සං‍දේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සොමරත්න විදානපතිරණ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ දැනුම්දීම සිදුකර ඇති බව  වාර්තාවෙයි. රෝහණ බැද්දගේContinue Reading

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකවContinue Reading

සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් මදුරාගොඩ ආඳාපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මෙරට නිශ්පාදනය කරන ලද ගිනි අවියක් මෙලෙස ක්‍රියාත්මක වී ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ මියගොස් ඇති පුද්ගලයා ප්‍රතිකාර සඳහා රිදීගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදිContinue Reading

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස දෙසට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුකර ඇති බව එරට පොලීසිය පවසයි. අද අලුයම 5 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සල්මන් ඛාන්ගේ නිවසට සහ අහසට වෙඩිතබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිවසේ පිටත බිත්ති වලContinue Reading

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවය. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම කැලැන්ඩර් අවුරුද්දට අලුත් වීම සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුන්ට ලැබී ඇති අවස්ථාවන් හීදී අලුත් වන බව සිය අලුත්Continue Reading

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අදහස් පළ කළේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේ හොරණ, ඔළබොඩුව රජ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව ය. එහිදී පොලිස්පතිවරයා සඳහන් කළේ, “අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරContinue Reading

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් ගලහ, නිල්ලඹ යෝගලෙච්චමී වත්තේදී ඊයේ (12) පුද්ගලයෙක් සිය බාල සොහොයුරාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 35 හැවිරිදි ක්‍රිෂ්ණසාමී කරුණානිධි නම් පුද්ගලයෙකි. ඔහුගේ සොහොයුරා වන ඒසුදාසන් තිදරු පියෙකු වන අතර ඔහු කලක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා අනුරාධපුරයේ තනිව ජීවත්වෙමින් සිටි පුද්ගලයෙකි. ඒContinue Reading

ඉරානය, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කෘෘස් මිසයිල 100ක් පමණ සූදානම් කරගෙන සිටින බවට වාර්තාවීමත් සමග එම කලාපය වෙත ලෝක බලවතුන්ගේ අවධානය යොමුවී තිබේ. ඉරානය ඉතාමත් ආසන්න දිනක ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කරනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත. ඒ සම්බන්ධව අදහස් පළකළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේContinue Reading