දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් මගී ප්‍රවාහන බස් රථයක පසුපස රෝද දෙකම ගැලවී ගොස් අනතුරක් සිදුව ඇත. දොඩන්ගොඩ සහ වැලිපැන්න පිවිසුම් අතර ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත. එම බස් රථය විශාල මගින් ප්‍රමාණයක් සහිතව ගමන් කර ඇත්තේ කතරගම සිට කොට්ටාව දක්වා ය. බස් රථයේ රෝද දෙක ගැලවුණු පසු ද කිලෝමීටරContinue Reading

බොරලැස්ගමුව, බොරුපන පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. අදාළ කාන්තාවගේ හිතවතෙකු විසින් සාදයක් සඳහා පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර ඒ අනුව ඇය සිය සැමියා ද සමග සාදයට යෑම සඳහා බොරුපන පාලම අසලට පැමිණ සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. එම ප්‍රහාරය එල්ලවී තිබුණේ ඊයේ (23) රාත්‍රියේදීය.Continue Reading

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කර තිබේ. ඊයේ (23) දිනයේ 07% ක ප්‍රමාණයකින් අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඩොලර් 86ක ප්‍රමාණයක පැවැති බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන් විය. පසුගිය දෙසැම්බර් මාසයට පසුව අඩුම බොරතෙල්Continue Reading

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ පුත්‍රයකු ඇතුළු තිදෙනෙකු හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මනම්පිටිය පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 23 සහ 40 යන වයසේ පසු වූ අය බවයි. මන්ත්‍රීනියගේ පුත්‍රයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවකයෙකු බව ද පවසන පොලිසිය අනෙක් සැකකරුවන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද සඳහන් කරයි.Continue Reading

වන සංරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තුව විසින් අලුතින් සීමා සලකුණු කොට අත්පත් කරගෙන සිටි උතුරු පළාතේ ඉඩම් අක්කර 5,000කට අධික ඉඩම් ප්‍රමාණයක් මහ කන්නයේ වී වගා කිරීම සඳහා එම පළාතේ ගොවීන් වෙත නිදහස් කිරීමට කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා එකඟතාව පළ කර ඇත. උතුරු පළාතේ කිලිනොච්චි,Continue Reading

2023 වසරේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථානුකූලව පැවරෙයි. ඇති වී තිබෙන තත්ත්වය හමුවේ මැතිවරණයකට යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ආරංචිContinue Reading

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස පස් වැනි දා පැවැත්වෙන බව විභාග කොමසාරිස්වරයා විසින් දැනුම් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදියකුContinue Reading

දිගු කාලීන ණය පදනමට ගල් අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරි ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. කඩිනම් ගල් අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරේ ටෙන්ඩරයේ ඉතිරි තොග (19) ඉක්මණින් ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩි දුරටත්Continue Reading

රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම ආධාර තොගය ඊයේ (23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී තිබේ.  ශ්‍රී ලංකාව මුහුණදෙමින් ඇති ආර්ථික අර්බුදය හමුවේ චීනය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් ඇති බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.Continue Reading

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ග්‍රාම නිලධාරිවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ අවස්ථාවේදීය.  අදාළ සැකකරු නොච්චියාගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට අනුයුක්තව, අංක 333, කුසුම්පුර වසමේ ග්‍රාම නිලධාරිවරයා ලෙස සේවය කර තිබේ. බලපත්‍රයක් නොමැතිව ජංගම ඉරුම් පට්ටලයක් බාධාවකින් තොරව පවත්වාගෙන යාමContinue Reading